“ජෙනරාල් නිදහස් කරගැනීමේ ජනතා ව්‍යාපාරය” අද විරෝධතාවයට එක්වෙයි

Spread the love

හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීම වෙනුවෙන් පිහිටුවා ඇති  “ජෙනරාල් සරත් ෆොන්සේකා නිදහස් කර ගැනීමේ ජනතා ව්‍යාපාරය” අද හයිඩ් පිටියේ පැවැත්වෙන විරෝධතාවයට සහය පළ කරන බව මාධ්‍ය නිවේදනයක් මගින් දැනුම් දී තිබේ.

මෙම සංවිධානයේ කැඳවුම්කරු කුමාර අලගියවන්න මහතා විසින් අද දින නිකුත් කර ඇති නිවේදනයේ මෙසේ සඳහන් වේ.

‘ජෙනරාල් සරත් ෆොන්සේකා නිදහස් කරගැනීමේ ජනතා ව්‍යාපාරය’ අද හයිඞ් පිටියේ පැවැත්වෙන විරෝධතාවයට සහාය පළ කරන බව දැනුම් දීම.

රට වෙනුවෙන් තෙවරක් ලේ හලා මරාගෙන මැරෙන ත‍්‍රස්ත ප‍්‍රහාරයකින් බරපතළ තුවාල ලබා යළිත් ජීවත් වීමට වරම් ලබා සුවපත් වී පැමිණ යුද්ධයට නායකත්වය දී නිර්භීතව ත‍්‍ර‍්‍රස්තවාදීන් පරාජය කොට රට බේරාගැනීමට නායකත්වය දුන් අද වන විට ආණ්ඩුවේ කෲර පළිගැනීම් මත සිරගත කොට සිටින ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට රටෙන් සහ ජනතාවගෙන් කිසියම් යුක්ති සහගත මැදිහත්වීමක් මේ තීරණාත්මක නිමේෂයේ පෙරටත් වඩා අවශ්‍යව තිබෙන බව අපගේ හැඟීමයි.

එවන් මොහොතක පටු දේශපාලන පක්‍ෂ පාට හා පුද්ගල භේද අතැර එතුමා නිදහස් කර ගැනීමේ සටනට ජනතාව ඒකරාශී කෙරෙන  ඕනෑම පොදු උද්ඝෝෂණයකට සහය ලබාදීම අපගේ බලවත් යුතුකම හා වගකීම යයි අපි කල්පනා කරමු.

එහෙයින් අද (නොවැ.29) හයිඞ් පිටියෙය්දී පැවැත්වීමට නියමිත විරෝධතා රැළියට, මේ සියලූ තත්ත්වයන්ට මුහුණ දෙමින් දේශපාලනික පක්‍ෂ පාටට, ජාති, ආගම්, කුල – මල බේදයකින් තොරව ඔහු නිදහස් කරගැනීමේ අභිප‍්‍රාය පමණක් පෙරදැරිව ‘ජෙනරාල් සරත් ෆොන්සේකා නිදහස් කර ගැනීමේ ජනතා ව්‍යාපාරය’ ලෙස අප සහභාගී වන බව මෙයින් නිවේදනය කරමි.

ස්තුතියි
මෙයට – විශ්වාසී

කුමාර අලගියවන්න
කැඳවුම්කරු/මෙහෙයුම් මණ්ඩල සාමාජික
2011.11.29 දින

RSL

Related Posts