නියෝජ්‍ය ඇමති සරණට පාර්ලිමේන්තු සභාවාර සතියකට අත්හිටුවයි

Spread the love

ඛනිජ තෙල් නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා‍ පාර්ලිමේන්තු සභාවාරවලට සහභාගී වීම සතියක කාලයකට අත්හිටුවා තිබේ.

ඒ බව අද පෙරවරුවේ කථානායක චමල් රාජපක්ෂ මහතා පර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබිණ.

පසුගිය 21 වෙනිදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා  අයවැය ඉදිරිපත් කළ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ ඇති වු නොසන්සුන් තත්ත්වය සම්බන්ධයෙන් කළ නිරීක්ෂණවලින් අනතුරුව එම අත්හිටුවීම සිදු කර තිබේ.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කිරීම අදාළ නොසන්සුන් තත්ත්වයට මුල් වී ඇති බව කථානායකවරයා පැවසීය.

එහිදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් එම පුවරු උදුරා ගැනීමට පැමිණීමෙන් තත්ත්වය උද්ගත වූ බව කථානායකවරයා  සභාවට දැනුම් දුන්නේය.

එසේම අදාළ සිද්ධියට සම්බන්ධ මන්ත්‍රීවරුන් දැඩි දෝෂදර්ශනයට ලක් කරන බවද කථානායකවරයා පැවසීය.

නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි සමග අදාළ සිද්ධිය නිරීක්ෂණය කළ බව ද කථානායකවරයා සභාවට දැනු දෙනු ලැබිණ

RSL

Related Posts