මේ ඇත්තට කවුද නැහැ කියන්නේ ? – නිදහසේ වියමන –

Spread the love

ගෙවීයන සෑම තත්පරයක්ම අඩුවැඩි වශයෙන් ලාංකීය දේශපාලනයේ අභාග්‍ය සම්පන්න තත්වයකට ගමන් කරනු ලබයි.

මහින්ද සාධකය ලාංකීය දේශපාලන බල අරගලයේදි  අන් කවරදාකටත් වඩා අන් කවරෙක්ටවත් වඩා නින්දා සහගත දේශද්‍රෝහි, මානවද්‍රෝහි ක්‍රියාවන්වල නිරතව සිටීම මුළු මහත් දේශයටම කරන්නාවූ බරපතල වරදකි.

මහින්ද රාජපක්ෂත් ඔහුගේ පවුලේ සාමාජිකයනුත් දැන් සිතා සිටිනුයේ සර්ව පරාක්‍රම බලධාරීත්වය තම පවුල සතු බැවින් මේ නින්දා සහගත පාලන තන්ත්‍රය තමන්ට රිසිසේ කරගෙන යෑමට තවදුරටත් හැකිවේය යනුවෙනි.

ඊට ප්‍රධානතම හේතුව වන්නේ, රටේ අභාග්‍යකටදෝ මෙරට කොන්ද පණ ඇති හරි හමන් විපක්ෂයක් නොමැතිකමය. අනෙක,කවුරුත් දන්නා “ෆොන්සේකා” සාධකයයි. මේ දෙකෙන් වර්තමානයේ බොහෝ සේ මහින්දගේ ආණ්ඩුවට අභියෝග කල හැකි මහින්දට හා ඔහුගේ නඩයට හිසරදයක්ව ඇත්තේ ජෙනරාල් සරත් ෆොන්සේකාය.

එබැවින් ජෙනරල් ෆොන්සේකාට එළියටවිත් දේශපාලනය කිරීමට නොදෙන තාක්කල් මහින්දට සහ ඔහුගේ නඩයට මේ භූමිකාවන් රඟ දැක්විය හැක. කාටත් වඩා හොඳින් මේ බව දන්නේ මහින්ද රාජපක්ෂය. එහෙත් මේ සියල්ල දෙස යථාර්ථවාදි ලෙස විශ්ලේෂණය කලහොත් දක්නට ලැබෙන්නේ “ෆොන්සේකා” හිර කරන තරමටම “ මහින්ද”වද හිරවන බවය.

මිනීමරුවන්, ස්ත්‍රී දූෂකයන්, මංකොල්ලකරුවන්, කුඩු ඒජන්තයින්, කසිප්පු කරුවන්, යන සියල්ලන්ට යෙහෙන් වැජඹිය හැකි පරිසරයක් නිර්මාණය කරන මහින්ද සහ ඔහුගේ නඩය දේශයේ අසහාය සෙන්පතියකු වූ ජෙනරාල් සරත් ෆොන්සේකාට සිදු කරමින් සිටින්නේ කුමක්ද ?

මේ ශ්‍රී ලාංකිය මාතෘ භූමියට පණ මෙන් ආදරය කරන දේශප්‍රේමි සියළු ජනයා මොහොතක් හෙමාහොතක් පාසා මෙනෙහි කලයුතු කරුණක් වන්නේය, සිංහල බෞද්ධ පදනමෙන් බලය ලබාගත් මහින්ද මේ මොහොත වනවිට ඉතා සූක්ෂම ලෙස, ලක් දෙරණේ සුජාත භාවය පාවා දෙමින් සිටියි. පාසැල්වලට ගොස් දුවා දරුවන්ට බොරු බේගල් ඇද බාන මහින්ද දැනටම හම්බන්තොට, කළුතර, මුහුදු වෙරළ නිරුවත් මුහුදු වෙරළ කලාප වෙන්කර ඒවා පවත්වාගෙන යෑමට අවසර දී ඇත. රූපවාහිනියට විත් සදාචාරය වලපල්ලට ගියා යැයි කියමින් බෙරිහන් දෙයි.

දුප්පතුන් සහ අහිංසකයින් ගොනාට අන්දමින් ඔවුන්ගේ පැල්පත් ටික කඩා දමයි. රැකියාවන් හා වෙළදාම විනාශ කර දමයි. මතට තිත කියමින් මත්කුඩු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට රාජ්‍ය අනුග්‍රහය ලබාදේ. (උදා: දුමින්ද)

බුද්ධාගම සුරකිනවා’යැයි කියමින් අන්‍යාගමිකයන්ගේ නායකයින් සමග එක්ව රටේ වැදගත් තීන්දු තීරණ ගනී. මේවා ගැන අඩුම තරමේ මහනායක හිමිවරුන්වත් නොදැනීම කණගාටුවට කරුණකි.

රාජ්‍ය ආයතනවල දූෂිතම අයාතන වි ඇත්තේ පොලිසියයි. දෙවනුව අධ්‍යාපනයයි. නීතිය හා අධ්‍යාපනය යන දෙකටම ලැබෙන ස්ථානය මෙය නම් තවත් වෙන මොන කතාද ?  ඕනෑම පුද්ගලයෙක්ට සුරංගනා කතාවක් කියාදීමට මහින්දට ඇති හැකියාව නිසාම ලාංකීය සිවිල් සමාජය අද තම තමන් පුද්ගල වශයෙන් තනි තනිව සිහින දකිමින් සිටිති. ඇතැම්හු බිය නිසාම මේ ගැන කතා කිරීම කෙසේ වෙතත් සිතීමට පවා බිය වී ඇත.

පොදු ජනතාව තුල මහින්ද විරෝධී රැල්ල ටිකෙන් ටික උත්සන්නව තිබෙන මොහොතක එය විපක්ෂය විසින් වටහා නොගැනීම රටේ අවාසනාවකි. ක්‍රමයට විරුද්ධ සටන සදහා නායකත්වය ගැනීමට සුදුසු පුද්ගලයා කවුද ? මේ අප සැම කෙනෙකුගේම ප්‍රශ්නයයි. එහෙත් පිළිතුරත් ඔබ දන්නවා. ඒ අන් කිසිවෙක් නොව මහින්ද සමඟ මුහුණට මුහුණ සටන් කළ හැකි පෞරුෂත්වය හා සුදුසුකම ඇති ජෙනරල් ෆොන්සේකාය.

ජෙනරල් ෆොන්සේකාට තව අවුරුදු 3ක් හිරගෙදරට නියම කලේ ඔහු වරදකරුවකු නිසා නොව, මහින්දට ඔහුට මුහුණ දීමට නොහැකි නිසාය. මේ ඇත්තට කවුද නැහැ කියන්නේ ?

– නිදහසේ වියමන-කාලීන දේශපාලන විග්‍රහය-

RSL

Related Posts