සරත් ෆොන්සේකාට නිදහස පතා මහා ජනගඟක්

Spread the love

හිටපු යුද  හමුදාපති සරත් ෆොන්සේකා ඇතුළු දේශපාලන සිරකරුවන් වහා නිදහස් කිරිමට රජයට බල කිරිම ඇතුළු අරමුණු කිහිපයක් මුල් කර ගනිමින් එක්සත් ජාතික පක්ෂය සංවිධානය කල විරෝධතා පාගමනට සහ හයිඩ් පිටියේ පැවති ජනරැලියට අද (29) පස්වරුවේ දහස් ගණනක ජනතාවක් සහභාගිවී සිටියහ.

එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, විහාර මහාදේවී උද්‍යානය අසලින් පාගමන ඇරඹිණි.

බන්ධනාගාරගතව සිටින හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා වහා නිදහස් කරන ලෙස ආණ්ඩුවට බලකිරිමට අමතරව පාඩු ලබන ආයතන රජයට පවරාගැනීම පිළිබඳ පනත අකුලාගන්නා ලෙස බලකිරීම සහ 2012 අයවැයට ජනතා විරෝධය පළකිරීම විරෝධතාවේ සටන් පාඨය විය.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක කරු ජයසුරිය මහතා විදේශ සංචාරයකට සහභාගී වී තිබීම නිසා මෙම අවස්ථාවට සහභාගී නොසිටි අතර එම පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිසක් ද එම පාගමනට එක්ව සිටියහ.

ආචාර්ය  වික්‍රමබාහු කරුණාරත්න, සරත් මනමේන්ද්‍ර, ආචාර්ය ගුරුබරන් යන පක්ෂ නායකයින්ද, සරත් ෆොන්සේකා නිදහස් කරගැනීමේ ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු මාධ්‍යවේදී  කුමාර අලගියවන්න සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාද ජන රැලිය ඇමතුහ.

[youtube BiZVsXsnT2o]

 

RSL

Related Posts