අයවැය ජනතා අපේක්ෂා සියල්ල බිඳ දැම්මා – ගයන්ත කරුණාතිලක

Spread the love

එක්සත් ජාතික පක්ෂය අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුනු අතර, එහිදී අදහස් දක්වමින් එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා මෙසේ පැවසීය.

“මැති ඇමතිවරු කිව්වා ඉතිහාසයේ වැඩිම රත්තරන් සංචිතය දැන් ආණ්ඩුවට තිබෙනවා කියලා. ඉතිහාසයේ වැඩිම විදේශ සංචිත ටික දැන් ආණ්ඩුවට තිබෙනවා කිව්වා, උද්ධමන වේගය අඩු වෙලා කියුවා. ආර්ථික වර්ධනය වැඩිවේගන යනවා කියලා කිව්වා.
ආසියාවේ ශක්තිමත්ම කොටස් වෙළඳපොල මහින්ද චින්තනයේ නිවැරදි මූල්‍ය කළමනාකරණය දැන් අපිට ලැබිලා තියෙනවා කියලා කියුවා.එවැනි කතා කියලා හත් වැනි අයවැය පාර්ලිමේන්තුවට ගේන්නෙ ඒක ජනතා බලාපොරොත්තු අපේක්ෂා සියල්ලම බිඳ දමපු පුස්ස බින්දා වගේ අයවැයක් කියන එක පසුව මේ රටේ ජනතාවට තේරුම් ගියා. අයවැයට පෙර ඉන්ධන මිල සීයට දාසයකින් සීයට විස්සකින් වැඩි කරලා සකලවිධ භාණ්ඩවල මිල වැඩි කරන්න ඒවායේ බර ජනතාව පිට පටවන්න ක්‍රියාකරලා තමයි හත් වෙනි අයවැය පාර්ලිමේන්තුවට ගෙනාවේ”

 

RSL

Related Posts