දේශපාලනය අනුව අධ්‍යාපනය වෙනස් නොවන පනතක් – බන්දුල ගුණවර්ධන

Spread the love

දේශපාලනය අනුව අධ්‍යාපනය වෙනස්වෙන්නේ නැති පනතක් ගෙන එන බව ද මින් ඉදිරියට ගුරුවරුන් බඳවා ගැනෙන්නේ පාසල් පාදක කරගෙන බවද අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

අමාත්‍යවරයා ඊයේ (05) පාර්ලිමේන්තුවේදී අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂයේ විවාදයේ පිළිතුරු කතාව කරමින් උසස් පෙළ වාණිජ, විද්‍යා, තාක්ෂණ අධ්‍යාපනයට ගැළපෙන ලෙස වෙනස් විය යුතු බව පැවසී ය.

දරුවන් 50කට අඩු පාසල් 1552ක් පවතින බවත් පාසල් සිසුන් 2500ට වැඩි පාසල් 182ක් පවතින බවත් අමාත්‍යවරයා කීය. එක් ගුරුවරයකු ඉන්න පාසල් 92ක් ගුරුවරු 2ක් ඉන්නා පාසල් 168ක් ගුරුවරු හතරක් ඉන්නා පාසල් 375ක් තිබේ. ගුරුවරු 100 -200 අතර ඉන්නා පාසල් ගණන 187ක් පමණි. එක ළමයෙකුවත් නොමැති පාසල් 124කි. 1-5ත් අතර දරුවන් සිටින පාසල් සංඛ්‍යාව 1078කි. දහයට වඩා වැඩි පාසල් සංඛ්‍යාව 1089ක් බව අමාත්‍යවරයා පවසයි.

ලක්ෂයකට වැඩිය උසස්පෙළට විද්‍යාව හදාරන සිසුන් සිටිනවා. 66%කට පුස්තකාල පහසුකම් නෑ. වන් ඒ.බී. පාසල් නිසා කිව්වා කොළඹට කිරි ගමට කැකිරි කියලා. විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය නිසා දෙමාපියන්ට, ගුරුවරුන්ට, විද්‍යාලවලට, සමාජ ක්‍රමයට වෛර කරන පාප්ප, තාප්ප,පෝස්ටර් කියන තත්ත්වයට පත් වෙනවා.

සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක ම ද්විතීයික පාසලක් ආරම්භ වෙනවා. ප්‍රාථමික පාසල් 5000ක් ළමා මිතුරු පාසල් 5000ක් ගොඩනැගෙනවා.

තවමත් විජාතීය කුමන්ත්‍රණ අපේ රටේ දරුවන්ට නිසි අධ්‍යාපනය ලබානොදෙන්නට කටයුතු කරනවා යැයි ද අධ්‍යාපන අමාත්‍යවරයා පැවසී ය.

RSL

Related Posts