කදිරගාමර් ඝාතනය පසුපස කොටින්ට සල්ලි දුන් අය?
අගමැති රනිල් වික්‍රමසිංහ පසුගිය දා පාර්ලිමේන්තුවේ දී බරපතල ප්‍රකාශ සහිත කථාවක් කළේ ය. එහි දී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසට ඔහු ඍජුව චෝදනා කිහිපයක් ඉදිරිපත් කළේ ය. එහි දී ආවේගයෙන් මෙන් ඔහු දැක්වූ අදහස් අතර, මෙරටින් බිහිවූ විශිෂ්ට දේශපාලනඥයෙක් සහ අතිවිශිෂ්ට රාජ්‍ය තාන්ත්‍රිකයෙක් වූ ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ ඝාතනය ගැන පළ කළ අදහස් අතිශය වැදගත් ය. 2005 අගෝස්තු මස දී …
Continue Reading
ජෝන් බාස් අත්අඩංගුවට ගනු!
මෙරට පසුගිය වකවානුවේ ක්‍රියාත්මක වූයේ ගෝත්‍රික නීතියයි. රැහේ නායකයාගේ වචනය නීතිය බවට අනියමින් පත් වී තිබුණු අතර අශිෂ්ටත්වය රජ වී තිබුණි. එම කාලය ගැන අමුතුවෙන් අටුවා ටීකා ටිප්පනි නොලියමු. කෙටියෙන් කියනවා නම් කිව යුත්තේ, මේ දෙකට ම නැති පාලනයට මං සැකසුණේ එවක රාජපක්ෂ රෙජිමයේ එවන් අශික්ෂිත පාලනය නිසා බව ය. දැන් එයට වඩා අවලස්සන තත්වයක් මතුව තිබේ. ජෝන් අමරතුංග නමැති …
Continue Reading
මනුෂ බලය අල්ලයි!
මනුෂ නානායක්කාර වසරකට පෙර කිව්වේ, වසරක් ඇතුළත යහපාලන රජය පෙරළා දමා බලය නැවත ලබා ගන්නා බව යි. මේ උන්දලාට ලජ්ජාවක් කියා දෙයක් ගෑවිලාවත් නැති බව ඇත්ත ය. ඒත් මේ උන්දලාට ඡන්දය දෙන ඡන්දදායකයින්ට ලැජ්ජාවක් කියා තවදුරටත් දෙයක් ඉතිරි නොකරමින් නියම කරණමක් ගසා ඇත. ඒ වසරකට පෙර පාරම් බෑ දේවල් රෙද්ද පල්ලෙන් බේරෙද්දී මනුෂ නානායක්කාර විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය ධුරය භාරගෙන …
Continue Reading
පැනමා ලේඛනවල රාජපක්ෂවරුත් ඉන්නවා ද?
ලොව පුරා බලවත් පුද්ගලයන් තම වත්කම් සඟවා තබා ගැනීමට උපකාර කරගත් නීතිඥ සමාගමකින් මිලියන ගණනක් රහසිගත දත්ත පිට වී ඇති බවට පසුගිය දා ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ ය. පැනමා රාජ්‍යයේ පිහිටා ඇති මොසැක් ෆොන්සේකා නමැති නීතිඥ සමාගමෙනුයි, මේ රහස්‍ය ලිපිගොනු පිටව ඇති බව වාර්තා වන්නේ. ජාත්‍යන්තර වත්කම් සීමාවලට හසු නොවන ආකාරයෙන් මුදල් විශුද්ධිකරණය කිරීමට සහ නියමිත බදු ගෙවීමෙන් නිදහස් වී …
Continue Reading
මහින්ද යාපා රු.ලක්ෂ 1800කට කළේ මොකක් ද?
හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනය තුළ සිදුව ඇතැයි කියන බරපතළ මූල්‍ය අක්‍රමිකතාවන් ගැන හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධනගෙන් ප්‍රශ්න කර ඇත. මේ ප්‍රශ්න කිරීම බරපතළ මූල්‍ය වංචා සෙවීම පිළිබඳ ජනාධිපති කොමිසම විසින් ඊයේ දිනයේ සිදු කර ඇති අතර මහින්ද යාපා විෂය භාර ඇමැතිව සිටි සමයේ ඉහත ආයතනයට අයත්, සේවකයන් සහ වාහන දේශපාලන කටයුතුවලට යෙදවීමෙන් මේ අලාභය සිදු කර ඇති බවට චෝදනා එල්ල …
Continue Reading
ඒක පුද්ගල ආදායම ඩොලර් 2යි! – කබිර් හෂිම්
පසුගිය රජය විසින් ඒක පුද්ගල ආදායම ඩොලර් 400ට ගෙනා බව කී මුත්, බොහෝ අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 2ක් පමණක් බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබිර් හෂිම් පවසා ඇත. මේ අදායම් බෙදී යාම විෂමතාව බොහෝ කලක සිට පැවතුණු අතර පසුගිය සමයේ එය වඩාත් උග්‍ර විය. කෙසේ වෙතත් එකී පාලනය පෙරලා දමා කබිර් හෂිම්ලා බලයට පත් කළේ පරණ බණේ ම කියා …
Continue Reading
වාහන අලෙවි සමාගම් බිඳ වැටෙයි!
වාහන අලෙවි සමාගම්වලට සිය ව්‍යාපාර කටයුතු කරගෙන යෑමට නොහැකි තත්ත්වයක් පැන නැගී ඇති බව වාර්තා වෙයි. පසුගිය අය-වැයෙන් වාහන අානයනය සම්බන්ධ බදු ඉහළ නැංවූ අතර එය වාහන අලෙවිය කෙරෙහි ඉතා අයහපත් ලෙස බලපා ඇත. අනෙක් අතට ජනතාවගේ ආර්ථික තත්වය ඉතා පහළට ඇද වැටී ඇති අතර ක්‍රය ශක්තිය සීඝ්‍රයෙන් පල්ලම් බැස ඇත. මේ කරුණු නිසා විශාල වශයෙන් වාහන මිල දී ගැනීම …
Continue Reading
සෝභිත හිමිගේ මරණ පරික්ෂණය සිදු නොකළේ ඇයි?
අපවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ පශ්චාත් මරණ පරික්ෂණය සිදු කර නැතැයි වාර්තා වෙයි. මේ බව දැනගන්නට ලැබුණේ පසුගිය දා උඩුවේ ධම්මාලෝක හිමි විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පරික්ෂණ පවත්වන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව ය. මෙලෙස සෝභිත හිමියන්ගේ පශ්චාත් මරණ පරික්ෂණය සිදු නොකිරීම සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය …
Continue Reading
ශ්‍රී ලංකන් එයාර් විකුණන්නට යයි!
ශ්‍රී ලංකන් එයාර් යනු පසුගිය කාලයේ මෙරට වඩාත් කතාබහට ලක් වූ මාතෘකාවලින් එකකි. පසුගිය පාලන සමයේ එහි සභාපති ලෙස කටයුතු කරනු ලැබුවේ, එවක ජනපති මහින්ද රාජපක්ෂගේ මස්සිනා වූ නිශාන්ත වික්‍රමසිංහයි. ඔහු විසින් මේ ආයතනය අතිභයංකර ඉරණමකට ඇද දමා ඇති බව සත්‍යයකි. දැන් දැනගන්නට ලැබෙන පරිදි වත්මන් ආණ්ඩුව ශ්‍රී ලංකන් එයාර් ආයතනය පුද්ගලීකරණය කරන්නට යයි. ලංකාවේ බොහෝ රාජ්‍ය ආයතන තිබෙන පරිද්දෙන් …
Continue Reading
බෝම්බ ජැකට් ගැන පරික්ෂණ කරන්න – සම්බන්ධන් කියයි!
යාපනය චාවකච්චේරි ප්‍රදේශයෙන් පසුගිය දා හදිසියේ සොයාගත් බෝම්බ සහිත ජැකට්ටුව ගැන විවිධ මත පළවෙමින් ඇත. කෙසේ වෙතත්, ඉතා හදිසියේ මෙවැන්නක් මතු වීම සැකයකට තුඩු දෙන බව සත්‍යයකි. මෙරට දේශපාලනයේ ප්‍රධාන ගාමක බලවේගයක් ලෙස ජාතිවාදය තිබෙන නිසා ය. අනෙක් අතට ජාතිවාදය මාකට් කරමින් බලය ලබාගන්නට උත්සාහ දැරෙමින් තිබෙන නිසා ය. දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂ නායක ආර්. සම්බන්ධන් ප්‍රකාශ කර ඇත්තේ …
Continue Reading