කදිරගාමර් ඝාතනය පසුපස කොටින්ට සල්ලි දුන් අය?

Spread the love

Kadiragamar

අගමැති රනිල් වික්‍රමසිංහ පසුගිය දා පාර්ලිමේන්තුවේ දී බරපතල ප්‍රකාශ සහිත කථාවක් කළේ ය. එහි දී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසට ඔහු ඍජුව චෝදනා කිහිපයක් ඉදිරිපත් කළේ ය. එහි දී ආවේගයෙන් මෙන් ඔහු දැක්වූ අදහස් අතර, මෙරටින් බිහිවූ විශිෂ්ට දේශපාලනඥයෙක් සහ අතිවිශිෂ්ට රාජ්‍ය තාන්ත්‍රිකයෙක් වූ ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ ඝාතනය ගැන පළ කළ අදහස් අතිශය වැදගත් ය.

2005 අගෝස්තු මස දී කොටි සංවිධානය විසින් කදිරගාමර් මහතා ඝාතනය කරනු ලැබීය. අගමැතිවරයා පැවසුවේ, මේ ඝාතනයෙන් මාස 04කට පසු කොටි සංවිධානයට මුදල් දී උතුරේ ඡන්ද වළක්වා ජනපතිවරණය ජයගත් බව ය. මේ සිදුවීම් දෙක අතර සම්බන්ධයක් නැතැ යි කියන්නට බැරි බව කියමින් අගමැතිවරයා කීවේ මේවාට හිටපු ජනපතිවරයා පිළිතුරු දිය යුතු බව යි.

මෙරට බිහිකළ අභිමානවත් ලංකා පුත්‍රයෙක් වන කදිරගාමර් මහතාගේ මරණය ගැන පළ වූ මේ අදහස් සුළුවෙන් නොතැකිය යුතු ය යනු අපේ හැඟීම ය. මේ දෙක අතර සම්බන්ධයක් තිබේ දැ යි සොයා බැලීමට වත්මන් අගමැතිවරයා වන රනිල් වික්‍රමසිංහට හැකි ය.

තොරතුරු දේශපාලන වාසියට එහා ගිය තැනකට ගොස් සාධාරණය ඉටු කරන තැනකට ගෙන යන්නේ නම් මැනවි.

RSL

Related Posts