ජෝන් බාස් අත්අඩංගුවට ගනු!

Spread the love

John Amaratunga_3

මෙරට පසුගිය වකවානුවේ ක්‍රියාත්මක වූයේ ගෝත්‍රික නීතියයි. රැහේ නායකයාගේ වචනය නීතිය බවට අනියමින් පත් වී තිබුණු අතර අශිෂ්ටත්වය රජ වී තිබුණි. එම කාලය ගැන අමුතුවෙන් අටුවා ටීකා ටිප්පනි නොලියමු. කෙටියෙන් කියනවා නම් කිව යුත්තේ, මේ දෙකට ම නැති පාලනයට මං සැකසුණේ එවක රාජපක්ෂ රෙජිමයේ එවන් අශික්ෂිත පාලනය නිසා බව ය.

දැන් එයට වඩා අවලස්සන තත්වයක් මතුව තිබේ. ජෝන් අමරතුංග නමැති ගොබ්බ ඇමැතියා වත්තල මාබෝල ව්‍යායාම මංතීරුව කඩා දැමූ බව රට ම දන්නා දෙයකි. ඔහු ම පවා එය පුවත් සාකච්ඡාවේ දී පිළිගත්තේ ය. මේ අශිෂ්ටත්වය රාජපක්ෂ අශිෂ්ටත්වයට වඩා වැඩි ය. මතු වූ ජනතා විරෝධය හමුවේ ජෝන් අමරතුංගට ශරීර සුවතා මංතීරුව යළි හදන්නට සිද්ධ වූ අතර ඊට තවත් රුපියල් ලක්ෂ 80ක් වැය වන බව දැනගන්නට ඇත.

පාරට බැස්ස පසු සරසවි සිසුන්ගේ ඔලු පලන පොලිසිය ජෝන්ගේ ඇඳ යට විය යුතු ය. නැතිනම් මේ ගැන යම් ක්‍රියාමාර්ගයක් ගත යුතු ය. මේ ලක්ෂ 80 ජනතා මුදල් නම් එහි වගකීම ගන්නේ කවුදැ යි අපි ප්‍රශ්න කරමු.

දියුණු ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් යැ යි කියාගත්තාට රනිල් සහ අනෙක් ගෝත්‍රික නායකයන් අතර වෙනසක් නැති බව හේ පසුගිය කාලය පුරාවට ම අපිට පෙන්වූයේ ය. ඉතින් රනිල් ද මේ ගැන පියවරක් නොගන්නා බව අපි දනිමු.

RSL

Related Posts