පිළියන්දල වෙඩි තැබීම පිටුපස වෙලේසුදා සහ මිනීමරු කල්ලියක්! (විශේෂ -වීඩියෝ)

මත් කුඩු වැටලීමක්‌ සඳහා යමින් සිටි පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් තිදෙනකු ඉලක්‌ක කර පෙරේදා (09 වැනිදා) පිළියන්දල සුවාරපොළදී සිදුවූ වෙඩි තැබීම දකුණේ පාතාල නායකකයකු වන මධුෂ් සහ දැනට මරණ දඬුවම හිමිවී බන්ධනාගාර ගතව සිටින වෙලේ සුදාගේ සැලසුමකට අනුව එල්ල වූ ප්‍රහාරයක්‌ බවට පොලිසියට තොරතුරු ලැබී තිබේ. මෙම වෙඩි තැබීමෙන් මිදුම්මලසූරිය, ඉලිප්පුගමුව, වැලිපැන්නගහමුල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක …

Continue Reading

කාටද සතුටු දැන්..?

වමේ දැවැන්ත මැයි රැුලියක් දැක බලා ගැනීමේ වාසනාව තවමත් අපට උරුමකර දෙන්නේ ජනතා විමුක්ති පෙරමුණයි. මේ රටේ පැරණි වමේ පක්ෂ මැයි දිනය දවසේත් ජාතිවාදීන් හා ධනපති පක්ෂ සමඟ එකට මැයි දිනය සැමරීම පුරුද්දක් කරගෙන සිටී. එහෙත් ශී‍්‍ර ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය මෙවර ස්වාධීනව මැයි දිනය සැමරීම සතුටට කරුණකි. 1979 පසු කොමියුනිස්ට් පක්ෂය තනිව මැයි දිනයක් පැවැත් වූ ප‍්‍රථම අවස්ථාව මෙයයි. මැයි …

Continue Reading

පැරිසියේදී මහින්ද ශිරන්තිට අමුතු වෙසඟක් පෙන්වලා; වාර්තාව පිටවෙයි

විශ්‍රාමික ජනාධිපති සහ වත්මන් කු.පා.ම. මහින්ද රාජපක්ෂ මහතාගේ සමයේ පැරිස් නුවර පැවති යුනෙස්කෝ වෙසක් දින සැමරුමට ගිය ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු කණ්ඩායම දින තුනකදී රුපියල් ලක්ෂ 250 කට අධික මහජන මුදල් වියදම් කරමින් අමුතුම ආකාරයේ වෙසක් පෙන්වීමක් ගැන සාක්ෂි සහිත වාර්තාවක් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. 2014 වසරේ මැයි මස 20 – 24 දක්වා කාලය …

Continue Reading

වෛද්‍යවරු වැඩ වැරීම ගැන ජනපති කණගාටුවෙයි

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පදනම් කර ගනිමින් නිර්මාණය වූ ගැටළු නිරාකරණය කිරීම සඳහා වගකිවයුතු රජයක් ලෙස ප‍්‍රතිපත්තිමය තීන්දු තීරණ රැසක් ගෙන ඇති අවස්ථාවක දේශපාලන න්‍යාය පත‍්‍ර අනුව කටයුතු කරමින් ඇතැම් පිරිසක් වැඩ වර්ජනවල නිරතවීම පිළිබඳ තමා දැඩි කනගාටුව පළකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අද (05) පෙරවරුවේ අනුරාධපුරයේ පැවති උත්සවයකට එක්වෙමිනි. දේශපාලන අතකොළු බවට …

Continue Reading

බැඳුම්කර වංචාව හේතුවෙන් මහබැංකුව ඓතිහාසික මුදල් අච්චු ගැසීමේ තවත් මගඩියක් හෙළිවෙයි

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ උපදෙස්‌ මත පූර්ණ වෙන්දේසි ක්‍රමයකට මහ බැංකුව ගමන් කළ නිසා 2015 සහ 2016 යන වර්ෂ දෙකේදී ඓතිහාසිකව විශාල ලෙස මුදල් අච්චු ගැසීමට මහ බැංකුවට සිදුවූ බව මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (04) බැඳුම්කර කොමිසම හමුවේ සාක්‌ෂි දෙමින් පැවසීය. මින් පෙර කිසිදු වර්ෂයක මෙපමණ මුදල් ප්‍රමාණයක්‌ ශ්‍රී ලංකා මහ බැංකුව …

Continue Reading

බැඳුම්කර මංකොල්ලයේ පාඩුව රු.කෝටි 20,585 ක් බව කොමිසම හමුවේ හෙළිවේ.. (Exclusive)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවට පත්කරන ලද සිංගප්පුරු ජාතික කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන් විසින් බැඳුම්කර වෙන්දේසියේදී මංකොල්ලකෑමෙන් මේ රටට අහිමි වූ මහජන මුදල් ප්‍රමාණය රුපියල් කෝටි 20,585 ක් බව ඊයේ (02) බැඳුම්කර පිළිබඳ විශේෂ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ අනාවරණය විය. අපේ රටේ සිදු වූ විශාලතම මුදල් මංකොල්ලය බැඳුම්කර වංචාව නිසා ඊට වගකිව යුතු අර්ජුන මහේන්ද්‍රන් මහතා …

Continue Reading

යහපාලනය යනු නිවටවීම නොවේ..

රටකට ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජීවගුණයකින් යුත් පාලන සම්ප‍්‍රදායක් මෙන්ම ජනජීවිතයේ ආරක්ෂාව ද අතිශයින්ම වැදගත්ය. එමෙන්ම රටක ප‍්‍රජාතන්ත‍්‍රවාදී පැවැත්ම උදෙසා ද ජනජීවිතයේ ආරක්ෂාව පිණිස ද මනා විනයකින් යුත් පාලනයක පැවැත්ම ද අත්‍යවශ්‍ය වන බව අමුතුවෙන් කිවයුතු නැත. ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු නිවටකමක් හෝ අයාලයේ යන සමාජයක ඉඩකඩ විවෘත කිරීමක් ලෙස කිසිවෙකු නොසැලකිය යුතුය. මෙය මේ රටේ දේශපාලකයන් ද රාජ්‍ය නිලධාරීන් ද, සිවිල් සමාජය ද පොදුවේ …

Continue Reading

සයිටම් වෙනුවෙන් කඩේ යන රජයේ යෝජනා විසිවෙයි; සටන ඇවිලෙයි (විශේෂ)

වත්මන් යහපාලන ආණ්ඩුව මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට පක්ෂපාතී ලෙස කටයුතු කරමින් එම ප්‍රශ්නය කල්මරමින් සැලසුම් සහගත උපායක නිරත වන බවට අනාවරණයවේ. සයිටම් ගැටලුව තුලින් රෝගි ජනතාවගේ ජිවත්වීමේ අයිතියට එල්ල වී ඇති තර්ජනය සැලකිල්ලට ගත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය, වෛද්‍ය පීඨ පීඨාධිපතිවරුන් හා වෛද්‍ය ආචාර්ය සංගම් සමඟ එක්ව අර්බුදය නිමා කරලීම සඳහා වන යෝජනා මාලවක් බලධාරින් වෙත බාරදී මේ …

Continue Reading

මීතොටමුල්ලට විපතක් වූ ඉහඳ පණුවන්ගේ සැපත

රටක් ලෙස සලකා බැලීමේදී ශ‍්‍රී ලංකාවේ දේශපාලකයන් ද ඇතුළු ප‍්‍රතිපත්ති සම්පාදකයන්ට ද විද්වත් වෘත්තිකයන්ට මෙන්ම, රාජ්‍ය නිලධාරීන්ට ද නැවත නැවත සිතා බැලීම සඳහා අනතුරුදායක පණිවුඩයක් නිකුත් වී අවසන්ය. මේ වනවිට පුද්ගල ජීවිත 26ක් වන්දි ගෙවමින් ලබාදී ඇති එම අනතුරුදායක පණිවුඩයේ ගැඹුරු අරුත මැනවින් තේරුම් ගැනීමට යම් හෙයකින් අප අපොහොසත් වුවහොත් එහි නිසැක ප‍්‍රතිඵලය අතිශයින්ම බිහිසුණු වියහැකිවාක් මෙන්ම, ඒ තුළ ජාතියක් …

Continue Reading

දින 100 න් විසඳන්න ගිය කුණු කන්දේ ප්‍රශ්නය වවාගෙන කෑවේ කවුරුන්ද..? (විශේෂ)

දශක ගණනාවක් තිස්සේ විවිධ රජයෙන් යටතේ මේ රටේ කසල කළමනාකරණ කිරීමට නිසියාකාර ව්‍යාපෘතියක් සිදුනොවීමට ඇත්තටම හේතු කාරණා මොනවාද යන්න මේ රටේ ජනතාව දැනගත යුතුය. පසුගිය රජයන් විසින් විවිධ ව්‍යාපෘති මේ සඳහා ඉදිරිපත් කළද ඒවාද ක්‍රියාත්මක නොවී යටයන ලදී. අතීතය රජයන් ගැන යළි කතාකොට දේශපාලන කුණු ඇවිස්සීම ඵලක් නැත. එහෙත් ජනතාවට නැවුම් පොරොන්දු ලබාදෙමින් පත්වූ වත්මන් යහපාලන රජය මෙම කුණු ප්‍රශ්නයේදී …

Continue Reading