බැඳුම්කර වංචාව හේතුවෙන් මහබැංකුව ඓතිහාසික මුදල් අච්චු ගැසීමේ තවත් මගඩියක් හෙළිවෙයි

Spread the love

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ උපදෙස්‌ මත පූර්ණ වෙන්දේසි ක්‍රමයකට මහ බැංකුව ගමන් කළ නිසා 2015 සහ 2016 යන වර්ෂ දෙකේදී ඓතිහාසිකව විශාල ලෙස මුදල් අච්චු ගැසීමට මහ බැංකුවට සිදුවූ බව මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (04) බැඳුම්කර කොමිසම හමුවේ සාක්‌ෂි දෙමින් පැවසීය.

මින් පෙර කිසිදු වර්ෂයක මෙපමණ මුදල් ප්‍රමාණයක්‌ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අච්චු ගසා නැති බවද ආචාර්ය වීරසිංහ මහතා කීවේය.

ආර්ථික ක්‍රියාකාරකම් ප්‍රශස්‌ත ලෙස සිදු කිරීමට අවශ්‍ය මුදල් ප්‍රමාණය මහ බැංකුව සෑම වර්ෂයකම තීරණය කරන බවද 2015-02-27 දින හිටපු මහ බැංකු අධිපතිවරයා ගත් අනවශ්‍ය තීරණ විනාශයකට හේතු වූ බවද ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

2015-02-27 දින පූර්ණ වෙන්දේසි ක්‍රමයට ගමන් කිරීම සහ එදිනම සියයට 5 ක කෙටි කාලීන පොලී අනුපාතය ඉවත් කිරීමට අර්ජුන මහේන්ද්‍රන් මහතා ගත් තීරණය අනවශ්‍ය ලෙස සමස්‌ත පොලී අනුපාත ව්‍යqහයම ඉහළ මට්‌ටමකට ගමන් කිරීමට හේතු වූ බවද, රටේ පොලී අනුපාත ව්‍යqහයට ඇති වූ මේ හදිසි කම්පනය වෙළෙඳපොළ තත්ත්වය ව්‍යාකූල කිරීමට හේතුවක්‌ වූ බවද මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා තවදුරටත් කීවේය.

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ෂහීඩා බාරි මහත්මිය ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ සාක්‌ෂිය මෙහෙයවූවාය. ආචාර්ය වීරසිංහ මහතා අදත් (05) කොමිසම හමුවේ සාක්‌ෂි දීමට නියමිතය.

RSL

Related Posts