විමල් සහ ගම්මන්පිල ඉවරයි!

ඒකාබද්ධ විපක්ෂය කියාගන්නා පිරිසේ ප්‍රධානත ම දෙබාන වූ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිලට යන එන මං නැති ව ගොස් ඇතැ යි වාර්තා වෙයි. ජාතිවාදය උත්කර්ෂයට නංවමින් මහින්ද රාජපක්ෂ හරහා තම බල සිහිනය සැබෑ කරගන්නට උත්සාහ දැරූ මේ පිරිස, දැන් තිරයෙන් පිටුපසට විසි වී ඇතැ යි දැනගන්නට ඇත. එයට හේතුව වී ඇත්තේ, ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම වෙත බැසිල් රාජපක්ෂගේ ආගමනය යි. විමල් …

Continue Reading

අර්ජුන වරායේ සේවකයන්ට බෝනස් වෙනුවට මෝදක බෙදයි!

අර්ජුන රණතුංග ආණ්ඩුව පත් වූ විගස ම නව ආණ්ඩුවේ කිරි කලයට ගොම එක් කළ ඇමැතිවරයා ය. ඥාති සංග්‍රහය විවේචනය කරමින් බලයට පැමිණි අර්ජුන සිය සොයුරාව වරාය සභාපති කර වැඩ පටන්ගත්තේ ය. මුල පටන් ම වරාය තුළ අර්ජුනගේ ක්‍රියාකලාපයට වූයේ බරපතල විරෝධයකි. අවුරුදු සමය ආසන්නයේ අවුරුදු දීමනා ආදිය කපා හරින ලදැයි ද, ඇමැති සහ සොයුරු නිශාන්ත සභාපති ඉවත් විය යුතු යැ …

Continue Reading

ශ්‍රී ලංකන් එයාර් ණය බෝම්බය නිෂ්ක්‍රීය කෙරෙයි!

ශ්‍රී ලංකන් එයාර් ගුවන් සේවය හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යෑමට රජය තීරණය කර ඇතැයි වාර්තා වෙයි. ඊයේ අරලියගහ මන්දිරයේ දී පැවැත්වුණු විශේෂ මාධ්‍ය සාකච්ඡාවක දී මේ බව හෙළිකරනු ලැබුවේ අගමැතිවරයා විසිනි. රටේ ආර්ථිකයේ කොන්ද බිඳ දැමීමට තරම්වන බිලියන 490ක පමණ ණය බරක් ඇති ශ්‍රී ලන්කන් එයාර් සම්බන්ධයෙන් වහා පියවරක් ගත යුතු ව තිබුණි. අප වෙබ් අඩවියෙන් ද අවස්ථා කිහිපයක දී …

Continue Reading

ෆොන්සේකාට පාර්ලිමේන්තුව අහිමිවෙයි ද?

හිටපු හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඇමැතිවරයා එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුව පත් කිරීමට එරෙහි ව එය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් ව ඇති පෙත්සම් දෙක විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත. එක ම කරුණ අරබයා වුව ද මේ පෙත්සම් දෙක දෙතැනකින් ඉදිරිපත් වී ඇත. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය වෙනුවෙන් පාක්‍යසෝති සරවනමුත්තු සහ විශ්‍රාමික හමුදාපතිවරයෙක් මේ පෙත්සම් දෙක …

Continue Reading

මහින්ද තායිලන්තයේදී ජාත්‍යන්තර අවි ජාවාරම්කරු උදයංග වීරතුංග හමුවෙයි

පසුගියදා විශේෂ තායිලන්ත සංචාරයක් සිදුකරමින් හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ජාත්‍යන්තර අවිජාවාරම්කරුවෙකු වන උදයංග වීරතුංග හමු වී සාකච්ඡා පවත්වා ඇත. මෙම උදයංග වීරතුංග නැමැත්තා යනු මහින්ද රාජපක්ෂගේ නිල විවාහක බිරිඳ වන ශිරන්ති රාජපක්ෂගේ ඥාතියෙකු මෙන්ම මහින්ද මස්සිනා වන අයවලෙකි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටියදී මෙම උදයංග වීරතුංග නැමැත්තාව රුසියාවේ තානාපති ලෙස පත්කරන ලද අතර එම රාජත්‍රාන්තික …

Continue Reading

සීගිරිය අවට විනාශයට සජිත් සහ අකිල උඩගෙඩි දෙති!

සීගිරිය පුරා විද්‍යා ප්‍රේරණ කලාපයේ අනවසර ඉදිකිරීම්වලට එරෙහිව මධ්‍යම පළාත් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නීතිමය කටයුතු කිරීමේ දී ඊනියා යහපාලන ඇමැතිවරවරුන් වන සජිත් ප්‍රේමදාස සහ අකිල විරාජ් විසින් එයට බාධා කර තිබෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට ලැබෙයි. අදාළ කලාපයේ මෑත දිනයක අනවසර ඉදිකිරීමක් සිදු කරද්දී එම නීති විරෝධී කටයුත්තට සම්බන්ධ වූවන්ට එරෙහිව පියවර නොගැනීමට ද බලපෑම් කර ඇතැ …

Continue Reading

ෆෙඩරල් ගැන කතා බැහැ – ශ්‍රී.ල.නි.ප. කියයි!

h ලංකාවේ ජාතික ගැටලුව සම්බන්ධයෙන් ද්‍රවිඩ ජනතාවගේ දේශපාලන අයිතිවාසිකම් උදෙසා ෆෙඩරල් විසඳුමක් පිළිබඳ අවශ්‍යතාවක් ඇතැ යි කතා බහක් යම් යම් තැන්වල මේ දිනවල මතු වෙමින් ඇත. දෙමළ ජනතාව වැඩි වශයෙන් පාර්ලිමේන්තුව තුළ නියෝජනය කරමින් සිටින එපමණක් නොව වත්මන් පාර්ලිමේන්තුවේ විපක්ෂය ද නියෝජනය කරන දෙමළ ජාතික සන්ධානය මේ ගැන අදහස් පළ කර තිබුණු අතර එය විවිධ විවේචනයට සේ ම මතභේදයට ද ලක් …

Continue Reading

කවුදෝ බිඳින්නේ අත්තටු අනුර සේනානායකගේ?

වසිම් තාජුඩීන් ඝාතනය සම්බන්ධ ඉහළ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් ම නුදුරු දිනවල දී අත්අඩංගුවට පත්වන්නට නියමිත බව වාර්තා වෙයි. ඒ අතර දැනට විශ්‍රාමගෙන සිටින ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක ඉදිරියෙන් ම සිටින අතර ඔහු මේ දිනවල නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට බණිමින් ම කාලය ගත කරන බව වාර්තා වෙයි. රාජපක්ෂ රෙජිමය සමයේ ඔවුන්ගේ සියලු අනීතික කටයුතු නීතික කරන්නට සට්ටඹිකම් කෙරූ අනුර සේනානායක …

Continue Reading

නීතිපතිට හුඟක් වැඩ ද?

පැහැරගැනීමක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවුණු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුනිකා පේමචන්ද්‍ර සම්බන්ධයෙන් වන නඩුවේ කටයුතු නීතිපති උපදෙස් සඳහා යොමු කර ඇති අතර එය තවමත් ප්‍රමාද වන බව වාර්තා වෙයි. දැන් මාස ගණනක් ගත වුණත්, මේ සිදුවීමට අදාළ ඩිෆෙන්ඩර් රථය හිරුනිකා පේමචන්ද්‍රට අයිති එකක් බව තහවුරු වූවත් පරික්ෂණ අදාළ උපදෙස් පමා වීම නිසා නැවැතී ඇති බව පෙනෙයි. එමෙන් ම අත්අඩංගුවට ගත් 8 දෙනාට අදාළව සාක්ෂිකරුවන් …

Continue Reading

ජයලලිතා ජයරාම්ගේ අමන ප්‍රකාශ නැවත කරළියට!

තමිල්නාඩුවේ අන්ත දූෂිත මහඇමැතිනී, ආසියාවේ හැඟීම්බර පහත් දේශපාලනයේ ප්‍රතිරූපකයක් බඳු ජයලලිතා ජයරාම් තම කඨෝර හඬ අවදිකර ඇත. ඇය ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනයාට ද්විත්ව පුරවැසිභාවය සහ ඊළම ලබා දිය යුතු බවත්, එසේ කිරීමට තමන් ඉන්දීය ආණ්ඩුවට බල කරන බවත් පවසා තිබේ. මැය මේ ප්‍රකාශ කරමින් තමිල්නාඩු ගොබ්බ ඡන්දදායකයන්ට මෝඩ චූන් ලබා දෙන්නේ අද ඊයෙක සිට නොවේ. නමුත්, දිගින් දිගට ම මෙවැනි …

Continue Reading