කවුදෝ බිඳින්නේ අත්තටු අනුර සේනානායකගේ?

Spread the love

1-ak

වසිම් තාජුඩීන් ඝාතනය සම්බන්ධ ඉහළ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් ම නුදුරු දිනවල දී අත්අඩංගුවට පත්වන්නට නියමිත බව වාර්තා වෙයි. ඒ අතර දැනට විශ්‍රාමගෙන සිටින ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක ඉදිරියෙන් ම සිටින අතර ඔහු මේ දිනවල නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට බණිමින් ම කාලය ගත කරන බව වාර්තා වෙයි.

රාජපක්ෂ රෙජිමය සමයේ ඔවුන්ගේ සියලු අනීතික කටයුතු නීතික කරන්නට සට්ටඹිකම් කෙරූ අනුර සේනානායක දැන් ගලේ පැහැරූ බළලෙකුගේ තත්ත්වයට පත් ව ඇති අතර කිසිදු කොන්දේසියකින් තොරව රගර් ක්‍රීඩකයා ම්ලේච්ඡ ලෙස ඝාතනය කරනු ලැබූවන්ට දඬුුවම් කළ යුතු ය. එය දේශපාලන න්‍යාය පත්‍ර අනුව නොව යුක්තියේ නාමයෙන් කළ යුත්තකි.

අනුර සේනානායක රාජපක්ෂලාට සට්ටඹිකම් කරන අතර ගීත ද ගායනා කළේ ය. අප දන්නා පරිදි ගායකයෝ, කලාකරුවෝ සංවේදි සිත් ඇත්තෝ ය. කෙසේ වෙතත් ඔහු ගයන “මාගේ කිරිල්ලී ගීතයේ” සඳහන් පරිදි ඉක්මනින් ම ඔහුගේ අත්තටු බිඳෙනු ඇති.

RSL

Related Posts