නීතිපතිට හුඟක් වැඩ ද?

Spread the love

Hirunika

පැහැරගැනීමක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවුණු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුනිකා පේමචන්ද්‍ර සම්බන්ධයෙන් වන නඩුවේ කටයුතු නීතිපති උපදෙස් සඳහා යොමු කර ඇති අතර එය තවමත් ප්‍රමාද වන බව වාර්තා වෙයි. දැන් මාස ගණනක් ගත වුණත්, මේ සිදුවීමට අදාළ ඩිෆෙන්ඩර් රථය හිරුනිකා පේමචන්ද්‍රට අයිති එකක් බව තහවුරු වූවත් පරික්ෂණ අදාළ උපදෙස් පමා වීම නිසා නැවැතී ඇති බව පෙනෙයි. එමෙන් ම අත්අඩංගුවට ගත් 8 දෙනාට අදාළව සාක්ෂිකරුවන් ද නැති බව කියැවේ.

කෙසේ වෙතත්, කුඩා දැරියක විසින් මේ සම්බන්ධ ප්‍රකාශ ලබා දෙන අයුරු මාධ්‍ය මගින් වාර්තා විය. නීතිය කොයි කාට වුවත් සමාන විය යුතු පාලනයක් අපේක්ෂාවෙන් මේ රජය ජනතාව විසින් පත් කළ අතර හිරුනිකා වැනි සුකිරි බටිල්ලියන් කෙරෙහි නීතිපතිගේ ප්‍රමාදය අනියම් අනුග්‍රහයක් දැ යි අපට සාධාරණ ප්‍රශ්නයක් ඇත්තේ, පසුගිය කාලයේ නීතය යනු පාලකයාගේ කැමැත්ත බවට පත් ව තිබූ යුගයක් පසුකර පැමිණි බැවිනි.

RSL

Related Posts