“ගම්පෙරළිය” ගැන ජනපති අවධානයෙන්!

ගම්පෙරළිය’ වැඩසටහන හරහා ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන්ට වෙන් කෙරෙන මුදල් නිසි පරිදි ලැබෙනවාදැයි යන්න පිළිබඳ ජනාධිපතිවරයා ඉතා විමසිල්ලෙන් සිටින බව එම පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසයි. ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන්ගෙන් ඒ ගැන නිතර පැමිණිලි ලැබුණු අතර තමන් ඒ බව ජනාධිපතිවරයාට දැනුම් දුන් බවද හෙතෙම කීවේය. එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරු පමණක් එම වැඩසටහන හරහා ලැබෙන මුදල් භාවිත කිරීම නිසා …

Continue Reading

ලැබූ ජයග්‍රහණය ගැන අගමැති සතුටින්

2019 වසරේ ලෝකයේ හොඳම සංචාරක ගමනාන්ත දහය අතුරෙන් මූලික ස්ථානය ශ්‍රී ලංකාව ලෙස ලෝක ප්‍රකට ලෝන්ලි ප්ලැනට් සංචාරක සඟරාව විසින් නම් කිරීම අපගේ සංචාරක ව්‍යාපාරය ලද ජයග්‍රහණයක් බවත් එම ජයග්‍රහණයෙන් උදම් නොවී අපේ සංචාරක ව්‍යාපාරය තව තවත් සංවර්ධනය කරලීම සඳහා නව මංපෙත් සෙවිය යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකාවේ සංස්කෘතික හා ආගමික උරුමයන් වෙත මෙන්ම තවත් නවාංග …

Continue Reading

රවීගේ නිවස වීඩියෝ කිරීම පිටුපස ආණ්ඩුවේ කුප්‍රකට “වැඩබැරි, මඩකරි ඇමති”වරයා!

හිටපු අමාත්‍ය රවී කරුණානායකගේ නිවස ඔහුගේ අවසරයකින් තොරව ඩේ‍රා්න කැමරාවකින් වීඩියෝ ගත කිරීම පිටුපස ජනාධිපතිවරයාට පවා මඩගසන වත්මන් ආණ්ඩුවේ එජාපය නියෝජනය කරන කුප්‍රකට වැඩබැරි මඩකරි ඇමතිවරයා සිටින බවට වාර්තාවේ. මාධ්‍යවේදියකු යැයි කියාගන්නා පුද්ගලයකු විසින් තමාගේ කිසිදු අවසරයකින් තොරව මෙලෙස සිය නිවෙස රූපගත කර තිබෙන බව වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් රවි කරුණානායක පාර්ලිමේන්තුවේදී කථානායකවරයාගෙන් ප්‍රශ්න කර අතර ඒ පිළිබඳව සොයා බැලීම …

Continue Reading

ලංකාවේ ක්‍රිකට් දූෂණ හොයන්න ඉන්දියාවට භාරදීම නරියට කුකුල්ලු භාරදුන්නා වගෙයි

ලෝකයටම ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ ඔට්ටු ඇල්ලීමට පුරුදු කළ ඉන්දියානුවන්ට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ වංචා සෙවීමට භාරදීම නරියට කුකුල්ලු භාරදුන්නා වැනි ක්‍රියාවක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා පැවැසීය. නිදහසේ මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (25) පැවැති මාධ්‍ය හමුවේදී එසේ අදහස් දැක්වූ මන්ත්‍රිවරයා වැඩිදුරටත් කියා සිටියේ ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ, වංචාවල මූලස්ථානය ඉන්දියාව බවයි. එහිදී ඩිලාන් පෙරේරා මෙසේද පැවැසීය. “අපේ ක්‍රිකට් ටීම් එක අවසානයේ …

Continue Reading

ත්‍රස්තවාදය දඩමීමා කරගෙන රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කිරීමේ භයානක පනතක්!

ත්‍රස්තවාදය වැලැක්වීමට යැයි පවසමින් රාජ්‍ය මර්ධනකාරී යාන්ත්‍රණය වඩාත් ශක්තිමත් කරමින්, ඕනෑම මොහොතක ආණ්ඩුවට එරෙහි වන බවට චෝදනා නගමින් මාධ්‍ය ආයතනයක් වසරක කාලයක් තහනම් කිරිමටත්, ආණ්ඩු විරෝධී සංවිධානයක් ඕනෑම මොහොතක තහනම් කිරීමටත් බලතල ඇති රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කිරීමේ පනතක් වත්මන් ආණ්ඩුව ගෙන ඒමට පිඹුරු පත් සකස් කරමින් සිටින බවට හෙළිවෙයි. 1979දි ගෙන එන ලද පනතේ වගන්ති කිහිපයක් ඉවත් කර එම වගන්තිවලටත් …

Continue Reading

රතන හිමිත් භාරකාර ආණ්ඩු සිහිනය දකිති

රටේ දැනට පවතින අරාජිකත්වය නැති කිරීමට මහමැතිවරණයක් පැවැත්වෙන තුරු මැති ඇමතිවරු සියලූ දෙනා ඉවත් වී භාරකාර ආණ්ඩුවක් යටතට රට පත්කරන්න යැයි අතුරලියේ රතන හිමියෝ ඊයේ (25) පැවසූහ. රතන හිමියන් මෙසේ පැවසූයේ රාජගිරිය සදහම් අසපුවේදී පැවති මාධ්‍ය හමුවකදීය. උන්වහන්සේ මෙසේද පැවසූහ. “ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණයක් පිළිබඳවත් එයට රටේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් සම්බන්ධ බවටත් තොරතුරු හෙළිවෙමින් පවතිනවා. රෝ ඔත්තු සේවයත් එයට සම්බන්ධ බවට පසුගියදා …

Continue Reading

මංගලගෙන් තවත් අලුත් බදු වර්ග දෙකක්

මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් මෙවර අයවැයේදී ජනතාව මත තවත් අලුත් බදු වර්ග දෙකක් ඉදිරිපත් කිරීමට සුදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න ඊයේ(25) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය. ඒ අනුව “කාබන් බද්ද” ලබන වසරේ ජනවාරි පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන බවත්, වාණිජ වශයෙන් කෙරෙන ජංගම දුරකථන කෙටි පණිවුඩ සඳහා ද අලුතින් බද්දක් හඳුන්වාදෙන බවත් ඔහු සඳහන් කළේය. ඉහළ පාන්තික අයටම අදාළ …

Continue Reading

අනිවාර්යය විභාග ලැයිස්තුවෙන් ශිෂ්‍යත්වය ඉවතට!

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අනිවාර්ය කරමින් අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කර තිබූ චක්‍රලේඛය අවලංගු කරන ලෙස අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් අද (25) අමාත්‍යංශයේ ලේකම්වරයාට උපදෙස් දුන්නේය. ශිෂ්‍යත්ව විභාගය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ නිර්දේශ සැලකිල්ලට ගනිමින් අධ්‍යාපන අමාත්‍යවරයා මෙලෙස උපදෙස් දී තිබේ. මීට අමතරව උපකාරක පන්ති හරහා කුඩා දරුවන් තවදුරටත් මානසික පීඩනයට ලක්වන බවත්, සමබර පෞර්ෂයකින් හෙබි …

Continue Reading

ආණ්ඩු පෙරළන්නේ හෝ හදන්නේ අංක ගණිතයට හෝ ව්‍යවස්ථාවට අනුකුලව පමණද..?

පාර්ලිමේන්තුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරු සියලු දෙනාත්, පොහොට්ටුවට සහාය දෙන මන්ත්‍රිවරු සියලු දෙනාත් සමඟ ජනතා විමුක්ති පෙරමුණ එකතු වුණත් තියෙන්නෙ මන්ත්‍රි ධුර එකසිය එකයි. ඒ නිසා මොනම හේතුවක් නිසාවත් අංක ගණිතය අනුව නම් මේ ආණ්ඩුව පෙරළීමට හැකියාවක් නැතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති පිළිබඳ රාජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා පසුගියදා බණ්ඩාරගමදී පැවසීය. රටේ පවතින වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ …

Continue Reading

මංගලගේ මිල සූත්‍රය හරියට මල සූත්‍රයක් වගෙයි

“මුදල් අමාත්‍ය මංගල සමරවීර මහත්මයා තමන්ගේ වගකීම හරි හැටි ඉටුකරන්නේ නැහැ. තෙල් මිල සම්බන්ධයෙන් මිල සූත්‍රයක් ඉදිරිපත් කරනවා කියලා ඔහු කිව්වට මොකක්ද ඉදිරිපත් කළේ. ඔහුගේ මිල සූත්‍රය හරියට මල සූත්‍රයක් වගේ…” යෑයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවැසීය. මෙහිදී තවදුරටත් කතාකළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙසේද කීය. “කොහොම වුණත් අද මේ ආණ්ඩුව ජනතාවට එපා වෙලා ඉවරයි. එක පැත්තකින් මොවුන් බඩු මිල …

Continue Reading