මංගලගෙන් තවත් අලුත් බදු වර්ග දෙකක්

Spread the love

මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් මෙවර අයවැයේදී ජනතාව මත තවත් අලුත් බදු වර්ග දෙකක් ඉදිරිපත් කිරීමට සුදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න ඊයේ(25) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

ඒ අනුව “කාබන් බද්ද” ලබන වසරේ ජනවාරි පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන බවත්, වාණිජ වශයෙන් කෙරෙන ජංගම දුරකථන කෙටි පණිවුඩ සඳහා ද අලුතින් බද්දක් හඳුන්වාදෙන බවත් ඔහු සඳහන් කළේය.

ඉහළ පාන්තික අයටම අදාළ වූ “මන්දිර බද්ද” ඉවත් කිරීමට නියමිත බවද, මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මුදල් පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට එක්වෙමින් පැවසීය.

RSL

Related Posts