රවීගේ නිවස වීඩියෝ කිරීම පිටුපස ආණ්ඩුවේ කුප්‍රකට “වැඩබැරි, මඩකරි ඇමති”වරයා!

Spread the love

හිටපු අමාත්‍ය රවී කරුණානායකගේ නිවස ඔහුගේ අවසරයකින් තොරව ඩේ‍රා්න කැමරාවකින් වීඩියෝ ගත කිරීම පිටුපස ජනාධිපතිවරයාට පවා මඩගසන වත්මන් ආණ්ඩුවේ එජාපය නියෝජනය කරන කුප්‍රකට වැඩබැරි මඩකරි ඇමතිවරයා සිටින බවට වාර්තාවේ.

මාධ්‍යවේදියකු යැයි කියාගන්නා පුද්ගලයකු විසින් තමාගේ කිසිදු අවසරයකින් තොරව මෙලෙස සිය නිවෙස රූපගත කර තිබෙන බව වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් රවි කරුණානායක පාර්ලිමේන්තුවේදී කථානායකවරයාගෙන් ප්‍රශ්න කර අතර ඒ පිළිබඳව සොයා බැලීම සඳහා පොලිසිය දැනුවත් කරන බවට කථානායකවරයා ඒ අවස්ථාවේදී පැවසීය.

එවැනි රූපගත කිරීමට කථානායකවරයා අවසර දුන්නේදැයි මන්ත්‍රිවරයා තවදුරටත් විමසා සිටියේය.

ඊට පිළිතුරු දෙමින් කථානායක කරු ජයසූරිය මහතා කියා සිටියේ එවැනි කිසිදු අවසරයක් තමා ලබාදී නැති බැවින් සිද්ධිය පිළිබඳව පොලිසිය දැනුවත් කර සොයා බලන බවයි.

රවි කරුණානායක,

මගේ අවසරයකින් තොරව කැමරාවක් සහිත ඩේ‍රා්න යානාවක් යොදාගෙන මගේ නිවෙස වීඩියෝ කරලා තියෙනවා. මෙවැනි චරිත ඝාතන කරන්නේ ඇයි? ඒ පුද්ගලයාගේ සියලු තොරතුරු මගේ ළඟ තියෙනවා. මේ ගැන වහාම ක්‍රියාමාර්ගයක් ගන්න.

කථානායක,
එවැනි අවසරයක් මම ලබාදීලා නැහැ. මම මේ ගැන පොලිසියටත් කියලා සොයා බලන්නම්.

විමල් වීරවංශ,
මන්ත්‍රිතුමා මතු කරන කාරණය බරපතළයි. එතුමාගේ නිවෙස වීඩියෝ කරනවා නම් ඒක ප්‍රශ්නයක්.

කෙසේ වෙතත් මෙම මාධ්‍යවේදීයා වත්මන් රජයේම ප්‍රධාන රූපවාහිනී මාධ්‍ය ආයතනයක මාධ්‍යවේදියෙකු වන අතර ඔහු මෙම කුප්‍රකට වැඩබැරි මඩකරි ඇමතිවරයාගේ මඩගැසීමේ ව්‍යාපාරයේ සැලැස්මකට අදාලව මෙය සිදුකර ඇතැයි වාර්තාවේ.

මේ වන විට මෙම සිදුවීමට සම්බන්ධ මාධ්‍යවේදීන් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කරගෙන යන බවට වැඩිදුරටත් වාර්තාවේ.

තම පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍රයක් මුදුන් පමුණුවා ගැනීම වෙනුවෙන් මෙම කුප්‍රකට වැඩබැරි-මඩකරි ඇමතිවරයා විසින් තම සහචරයින් යොදවා ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු ඉලක්ක ගත මැති ඇමතිවරුන්ටත්, විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටත් මඩ ව්‍යාපාර මෙහෙය වන බවත්, මේ වන විට ඔහු ඒ සඳහා තමා යටතේ ඇති රාජ්‍ය දේපල පවා අවභාවිතා කරමින් සිටින බවත් වාර්තාවේ.

RSL

Related Posts