මංගලගේ මිල සූත්‍රය හරියට මල සූත්‍රයක් වගෙයි

Spread the love

“මුදල් අමාත්‍ය මංගල සමරවීර මහත්මයා තමන්ගේ වගකීම හරි හැටි ඉටුකරන්නේ නැහැ. තෙල් මිල සම්බන්ධයෙන් මිල සූත්‍රයක් ඉදිරිපත් කරනවා කියලා ඔහු කිව්වට මොකක්ද ඉදිරිපත් කළේ. ඔහුගේ මිල සූත්‍රය හරියට මල සූත්‍රයක් වගේ…” යෑයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවැසීය.

මෙහිදී තවදුරටත් කතාකළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙසේද කීය.

“කොහොම වුණත් අද මේ ආණ්ඩුව ජනතාවට එපා වෙලා ඉවරයි. එක පැත්තකින් මොවුන් බඩු මිල දවසින් දවස ඉහළ දානවා. අනිත් පැත්තෙන් ජනතාව පිට බදු බර පටවනවා. කිසිම ආර්ථික කළමනාකරණයක් නැහැ. මේ නිසා මුළු රටේම ආර්ථිකය කඩා වැටිලා. දැන් මේ ආණ්ඩුව බයටම ඡන්දය තියන්නෙත් නැහැ. ඡන්දයක් තිබ්බොත් ආණ්ඩුව ඉවරයි”.

RSL

Related Posts