“ගමට සිරිකොත” හෙට කළුතරට..
එක්සත් ජාතික පක්ෂය නගා සිටුවීමේ අමුණින් ගමට සිරිකොත වැඩසටහන හෙට (10) පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ හා පක්ෂයෙ සියලුම මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් කලුතරදි ආරම්භ කරන බව එම පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි. අද (09) පෙරවරුවේ කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ගමට සිරිකොත වැඩසටහන පිළිබඳ දැනුවත් කරමින් ඔහු මේ බව පැවසීය. කළුතර, බුලත්සිංහල, බණ්ඩාරගම, මතුගම, අගලවත්ත, හොරණ සහ බේරුවල …
Continue Reading
සැප විදින ධනේශ්වර පංතිය මෙන්ම සියලුදෙනා සුව විඳින්නේ විදේශීය ගෘහ සේවයේ දුක්විද කාන්තාවන් උපයාදෙන විදේශ විනිමය නිසයි
සැප සම්පත් විදින ධනේශ්වර පංතිය මෙන්ම සුඛෝපභෝගී වාහන භාවිත කරන දේශපාලනඥයන් සහ රජයේ ඉහළ නිලධාරින් එම සුව පහසුව අත්විඳින්නේ විදේශීය ගෘහ සේවයේ නිරත කාන්තාවන් රටට උපයා දෙන මුදලින් බව ජනාධිපතිවරයා පවසයි. රටට විදේශ විනිමය උපයා දෙන ප්‍රධාන මාර්ගය විදේශීය ගෘහ සේවය වුවත්, එහි නිරතවන මවුවරුන්, සොහොයුරියන් සහ දියණියන් බොහෝ දෙනාගේ ජීවිත කථා ශෝකාන්තයන් බව සඳහන් කළ ජනාධිපතිවරයා විදේශීය ගෘහ සේවයට …
Continue Reading
බොහෝ දුරට ජනාධිපතිවරණයට පෙර මහමැතිවරණයක් එන්න පුළුවන්! මංගලම කියයි
ඇතැම් විට ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් පැමිණීමට හැකියාවක් ඇතැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර ඊයේ (07) මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. මේ වසරේ (2019) ඔක්තෝබර මාසේ අවසන් වනවිට ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් වෙන්න ඕන. ඒ වගේම ඊට පෙර හෝ පසුව මහ මැතිවරණයක් තියන්නට සමහර වෙලාවට හැකියාව තියෙන බව ද ඇමැති මංගල සමරවීර අවධාරණය කළේය. මේ අයවැයේ පොරොන්දු ඉටු කිරීමට කටයුතු කරන …
Continue Reading
මම පොරොන්දුවක් දෙන්නේ ඒක ඉෂ්ට කරන්න පුළුවන්නම් විතරයි
කොතරම් අභියෝග පැමිණියත් විදුලි පාරිභෝගිකයාට සහන සලසන්න බිය නොවී කටයුතු කරන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක පවසයි. ඔහු මෙම අදහස පළකළේ පසුගියදා කෙරවලපිටිය ද්විත්ව චක්‍රීය තාප බලාගාර පරිශ්‍රයේ පැවති නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු සපයමිනි. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මෙසේද පැවසීය. “අපි පොරොන්දුවක් ඉදිරිපත් කරන්නේ ඒක ඉෂ්ට කරන්න පුළුවන්නම් විතරයි. අපේ …
Continue Reading
ඇමති රාජිතට එරෙහිව ජනපති කොමිසමට පැමිණිලි ගලයි; තලතාටත් චෝදනාවක්
සෞඛ්‍යය අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහිව 2015 – 2018 රජයේ ආයතනවල සිදුව ඇතැයි සැළකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනපති කොමිසමට මේ වන විට පාර්ශව ගණනාවකින් විශාල පැමිණිලි ප්‍රමාණයක් ලැබී ඇතැයි වාර්තාවේ. මේ අතර පිවිතුරු හෙළ උරුමයෙන්ද ඇමති රාජිත සේනාරත්න සෞඛ්‍යය අමාත්‍යධුරය අවභාවිතාකරමින් සිදුකළ දූෂණ-වංචා සම්බන්ධයෙන් ඊයේ ජනපති කොමිසමට පැමිණිලි ගොනු කර තිබේ. මීට අමතරව හිටපු විදේශ රැකියා අමාත්‍යවරිය …
Continue Reading
මංගල ආර්ථිකය ගැන මෙලෝ හසරක් දන්නෙ නෑ..මංගලට වාණිජ අංශයේ සුළු රස්සාවකටවත් සුදුසුකම් නෑ- ආර්ථික විශේෂඥයෙක් කියයි
“මංගල සමරවීරට මුදල් අමාත්‍යශය පිළිබඳව කිසිම දැනුමක් හෝ අත්දැකීමක් හෝ අවබෝධයක් නැහැ. ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ වාණිජ ක්ෂේත්‍රයේ කිසිම සමාගමක මූල්‍ය අංශයක ඔහුට පඩියක් ගෙවලා රැකියාවක් දෙයිද? එහෙත්, අපේ රටේ අවාසනාවට, ඔහු රටේ මුදල් ඇමැති වෙලා ඉන්නවා. ඒ හරහා මුළු රටම අගාධයට ඇදගෙන යනවා. ඒ දුක විඳින්න වෙන්නේ අපේ රටේ අහිංසක ජනතාවටයි” මෙම අදහස් පළකරනු ලැබුයේ හිටපු මහ බැංකු අධිපතිවරයෙකු …
Continue Reading
කරන්නාගොඩ අත්අඩංගුවට නොගන්නැයි අධිකරණයෙන් නියෝගයක්
හිටපු නාවික හමුදාපති රියර් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීම හෝ රක්ෂිත බන්ධනාගාර ගත කිරීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (07) නියෝග නිකුත් කර තිබේ. තරුණයින් 11 දෙනෙකු නාවික හමුදා නිලධාරීන් විසින් පැහැර ගැනීමේ සිද්ධියට අදාළව ලැබුණු ව්‍යාජ පැමිණිල්ලක් මත තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි කියමින් වසන්ත කරන්නාගොඩ ගොනු කළ මූලික පෙත්සම් විභාගය අද අවසන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කරන ලදී. බුවනෙක …
Continue Reading
ආණ්ඩුව අයවැය පැරදීමේ අවදානමක..
මුදල් ඇමතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවලියට විරුද්ධ වීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර ඇතැයි වාර්තා වෙයි. ජනතා විමුක්ති පෙරමුණද දැනටමත් අයවැයට විරුද්දව ඡන්දය දෙන බව පවසා ඇත. අයවැයට විරුද්ද විය යුතු බවට දෙමල ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරුන් පිරිසක් දැඩිව ප‍්‍රකාශ කරද්දී අයවැයට පක්‍ෂ විය යුතු යයි එම්.ඒ. සුමන්තිරන් විසින් දෙමල සන්ධාන මන්ත‍්‍රීවරුනට දැඩිව බලපෑම් කරමින් සිටින බවද …
Continue Reading
කිසිදා සැබෑ නොවන සිහින මාලිගා හදන අයවැයක්
2019 වසර දිළිඳුකම පිටුදැකීමේ වසර බවත් ඒ සඳහා අයවැයෙන් සහන මල්ලක් ලබාදෙන බවත් රට වැටී ඇති ආර්ථීක ප්‍රපාතයෙන් ගොඩ ගැනීම සඳහා අයවැය යෝජනා ඉදිරිපත් කරන බවත් ආණ්ඩුව පැවසු බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. නමුත් අයවැය යොජනා දෙස බැලූ විට එය සම්පූර්ණයෙන්ම මිත්‍යාවක් බව පැහැදිලිවන බව එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසයි. සිය පක්ෂ මූලස්ථානයේ කැඳවා තිබු මාධ්‍ය හමුවකට එක්වෙමින් …
Continue Reading
විධායක ක්‍රමය අහෝසි කිරීම ගැන මහින්ද-ජවිපෙ සාකච්ඡා සාර්ථකයි! පැය කිහිපයක සාකච්ඡාවකින් පසු ඉදිරියට යෑමට එකඟතාවය (විඩීයෝ)
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ ජනතා විමුක්ති පෙරමුණ අතර හමුව ඊයේ (06) පැවැත්විණි. කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී මෙම හමුව පැවැත්වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන දිනේෂ් ගුණවර්ධන හා ඩලස් අලහප්පෙරුම යන මන්ත්‍රීවරු විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සමග එක්වූහ. ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් එහි නායක අනුර දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත් හා සුනිල් හඳුන්නෙත්ති …
Continue Reading