කිසිදා සැබෑ නොවන සිහින මාලිගා හදන අයවැයක්

Spread the love

2019 වසර දිළිඳුකම පිටුදැකීමේ වසර බවත් ඒ සඳහා අයවැයෙන් සහන මල්ලක් ලබාදෙන බවත් රට වැටී ඇති ආර්ථීක ප්‍රපාතයෙන් ගොඩ ගැනීම සඳහා අයවැය යෝජනා ඉදිරිපත් කරන බවත් ආණ්ඩුව පැවසු බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

නමුත් අයවැය යොජනා දෙස බැලූ විට එය සම්පූර්ණයෙන්ම මිත්‍යාවක් බව පැහැදිලිවන බව එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසයි.

සිය පක්ෂ මූලස්ථානයේ කැඳවා තිබු මාධ්‍ය හමුවකට එක්වෙමින් විජිත හේරත් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කළේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුයේ. ජනතාවට බොරුව, දුප්පතාට අහේනිය ගෙනෙන ශ්‍රී ලංකාව විකුණන යෝජනා පමණක් එම අයවැය යෝජනාවේ පවතින බවයි.

ආණ්ඩුවේ අර්බුදය වහගන්න සිදු කළ වචන හරඹයක් පමණක් බවත් පසුගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ ආණ්ඩුවේ ආදායම වැඩිවී තිබෙන්නේ ඉතාම අඩු වශයෙන් බවත් එම ආදායමෙන් වැඩිපුර ප්‍රමාණයක් ඇත්තේ බදු පමණක් බවත් මන්ත්‍රීවරයා පවසයි.

ආණ්ඩුව සිදුකොට තිබෙන්නේ ජනතාවට සිහිනයක් හදා ගන්න ණය යෝජනා ක්‍රම ඉදිරිපත් කිරීම පමණක් බවත් ණය හා විකිණිල්ල මත පදනම්ව කිසිදා සැබෑ නොවන සිහින මාලිගා හදන අයවැයක් අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ (05) දිනයේ ඉදිරිපත් කළ බවත් මන්ත්‍රීවරයා පවසයි.

RSL

Related Posts