රේගුවෙන් ඇල්ලූ කොකේන් අස්සෙන් ‘සිංහලේ’ මතුවෙයි! (විශේෂ)
මුදල් අමාත්‍යාංශ නීති විරෝධී මත්ද්‍රව්‍ය වැටලීමේ විශේෂ ඒකකය විසින් ඊයේ (14) සීනි කන්ටේනරයක සඟවා බ්‍රසීලයේ සිට ආනයනය කරන ලදුව සොයා ගත් රුපියල් කෝටි 300 කට අධික වටිනාකමෙන් යුත් කොකේන් තොගයේ තිබූ අබිරහස් සිංහ සළකුණ මෑත කාලයේ කරළියට පැමිණි ‘සිංහලේ’ සංවිධානය භාවිතා කරන මුහුණත් සිංහ ලාංජනය හා සමාන බවක් පෙනී යන බව වාර්තාවේ. බ්‍රසීලයේ සිට ගෙනා මෙම කොකේන් තොගයේ සෑම කොටසකම …
Continue Reading
නැවත බලයට ඒමේ අවශ්‍යතාවක් මට නෑ; රට හදන්න අවශ්‍ය ක්‍රියාමාර්ග නොපැකිලව ගන්නවා- ජනපති
නැවත බලයට ඒමේ අවශ්‍යතාවක් තමන්ට නොමැති බවත්, එම නිසා රටේත් ජනතාවගේත් සංවර්ධනය සහ අභිවෘද්ධිය වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග තමන් නොබියව නොපැකිලව ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජාත්‍යන්තර මිත්‍රත්වය ශක්තිමත් කරගෙන ඒ හොඳ හිත තුළ මේ රටේ ඉදිරි අනාගතය සාර්ථක කිරීම සඳහා තමන් සැම විටම ක්‍රියා කරන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෙරේදා (13) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලාවේදී පැවසීය. …
Continue Reading
ETCA ගිවිසුමෙන් ඡන්ද බලය හැර අනෙකුත් සියලුම අයිතිවාසිකම් ඉන්දියානුවන්ට!
වත්මන් ජාතික ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂ පාර්ශවය විසින් විනිවිදභාවයකින් තොරව අත්සන් කිරීමට සැරසෙන ඉන්දු-ලංකා ගිවිසුමේ දෙවන පරිච්ජේදය වන එට්කා ගිවිසුම හරහා ඡන්ද බලය හැර අනෙකුත් සියලුම අයිතිවාසිකම් ඉන්දියානුවන්ට හිමිවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ඊයේ (13) විද්වත් වෘත්තිකයන්ගේ මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී අනාවරණය කර සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා මෙසේද …
Continue Reading
වාහන අයිතිකරුවන් ප්‍රවේසමෙන්!
විවෘත ලේඛන (ඕපන් පේපර්ස්) ළඟ තබාගෙන රථවාහන ධාවනය කරන්නන් ඒ මොහොතේම අත්අඩංගුවට ගන්නා බව නියෝජ්‍ය පොලිස්පති (රථවාහන) අමරසිරි සේනාරත්න මහතා පවසයි. වාහනයේ අයිතිකරුගේ නමට රක්ෂණ සහතිකය තිබිය යුතු වෙයි. බොහෝ වාහනවල ආදායම් බලපත්‍රය තිබෙන අයගේ නමට රක්ෂණ සහතිකය නොමැති බැවින් අනතුරුවලදී නොයෙක් ගැටලුවලට මුහුණපෑමට සිදුවෙනවා. කිසියම් අපරාධයක්. කොල්ලයක් සිදුවූ විට හසුවන්නේ වාහනයේ ලියාපදිංචි අයිතිකරුයි. කවුරු වාහනය පැදවූවක් වාහනයේ අයිතිකරු අනිවාර්යයෙන්ම …
Continue Reading
ජනපති සහ අගමැති, මහින්ද ඇතුළු කල්ලියට වෙනස හොඳින් පෙන්වයි
රජය විසින් මිලදී ගැනිමට නියමිත නිල වාහන මේ වසර තුළදී ලබා නොගැනීමට රජයේ මැති ඇමැතිවරුන් තීරණය කර තිබේ. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කළ දැනුම් දීමකට ප්‍රතිචාර වශයෙන් එක්සත් ජාතික පෙරමුණේ මැති ඇමතිවරුන් එම තීරණයට එළැඹ තිබේ. පසුගියදා ඇති වු ගංවතුර සහ සාලාව හමුදා කඳවුරේ පිපිරීමෙන් පසු විපතට පත් ජනතාවගේ නිවාස සහ අනෙකුත් පහසුකම් යළි සාදා නිම වන තෙක් මැති ඇමතිවරුන්ට …
Continue Reading
කොළඹ මහා නගර සභාවට රුපියල් කෝටි 800ක ඉඩමක්!
කොළඹ 07 බාන්ස් පෙදෙසේ රුපියල් කෝටි 800 ක් පමණ වටිනා ඉඩමක් වරිපනම් බදු නොගෙවීම නිසා පෙරේදා (11 වැනිදා) කොළඹ මහ නගර සභාව විසින් පවරාගෙන ඇත. මෙම ඉඩම ඉකුත් රජයේ සිටි ප්රබලයකුගේ මැදිහත්වීම මත ව්‍යාපාරිකයකු විසින් බලහත්කාරයෙන් අල්ලාගෙන දැඩි මුරකාවල් යොදවා ආරක්ෂාව සලසා තිබිණි. මෙම ඉඩම මීට පෙර නගර සභාව විසින් පවරා ගැනීමට කටයුතු කරමින් සිටියදී ඉඩමේ පදිංචි පවුල් කිහිපයක් ඉවත් …
Continue Reading
සහතිකයක්! මහින්ද යන කොතැනද හොරු, ජාවාරම්කරුවන් එතැනය
මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටි සමයේ රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිව සිටියදී යුක්රේන කැරළිකරුවන්ට අවි ආයුධ සැපයමින් රාජපක්ෂලාගේ ජාත්‍යන්තර අවි ජාවාරම් මෙහෙයවු බවට චෝදනා එල්ල වී ඇති උදයංග වීරතුංගද මහින්ද රාජපක්ෂගේ ජපන් සංචාරය හා එක් වී තිබේ. මීට පෙර මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වූ තායිලන්ත සංචාරයටද උදයංග වීරතුංග එක් වී සිටි අතර පසුගිය උගන්ඩා සංචාරයටද ඔහු එක් වීසිටි බවට මාධ්‍ය වාර්තා පළ …
Continue Reading
මහ බැංකු අධිපති කළ හොරකමේ ඔහු කියන සංවේදී තැන් මොනවාද..?
මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ කුප්‍රකට භාණ්ඩාගාර බැදුම්කර හොරකමේ දත්ත සහ තොරතුරු ‘සංවේදී තොරතුරු’ යෑයි පවසමින් මහ බැංකුවේ භාණ්ඩාගාර බැඳුම්කර ගනුදෙනුවලට අදාළ තොරතුරු ලබා නොදීමේ උත්සාහය නිසා පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාව (කෝප්) හමුවට කැඳවනු ලැබූ මහ බැංකු අධිපති ලක්ෂ්මන් අර්ජුන මහේන්ද්‍රන් මහතා ඇතුළු මහ බැංකුවේ උසස් නිලධාරීන්ට කෝප් සාමාජිකයන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ. මෙහිදී මහ බැංකු අධිපතිවරයා වෙනුවෙන් කෝප් …
Continue Reading
ජපන් සමන්ගෙන් මහින්ද ඇතුළු පිරිසට සුපිරි ජපන් සංග්‍රහයක් (Exclusive)
ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංශගේ ප්‍රධාන මූල්‍ය ආධාරකරුවා වන ජපන් සමන්ගේ ආරාධනයෙන් ජපානයේ ගිය කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසට ජපානයේදී සුපිරි සංග්‍රහයන් ලැබෙමින් පවතින බවට වාර්තාවේ. මහින්දගේ මෙම ජපන් සංචාරයේ අරමුණු කිහිපයක් වන අතර ජනාධිපතිධුරය අහිමි වූ පසු අහිමි වී ගිය මහින්දගේ අසීමිත කම්සැපත් මදකට වර්ධනය කර ගැනීමද මේ අතර ප්‍රධානය. සුපිරි සංග්‍රහයන් අතර මත්පැන් වර්ගවලට අමතරව ජපන් …
Continue Reading
සාලාවේ ජන ජීවිතය නංවන්න හමුදාවෙන් 50,000ක්
කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ පසුගියදා සිදුවූ පිපිරීමෙන් හානියට පත් ප්‍රදේශය පිළිසකර කැර ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ පනස්දහසකට වැඩි භට පිරිසක් යොදවා තිබේ. භට පිරිස් දිවා රෑ නොබලා පැය 24 පුරාම නිවාස තුන්සීයක පමණ කැඩී ගිය කොටස් ඉවත් කරමින් සිටින අතර තවත් පිරිසක් එම නිවෙස් අලුත්වැඩියා කිරීමේ නිරතව සිටිති. නිවෙස් හානි තක්සේරු කැර සම්පූර්ණයෙන් …
Continue Reading