තුන්කොන් සංවාදයකින් අවසන් වුණු අර්ජුන් මහේන්ද්‍රගේ අවසන් පැය 72! (Exclusive)
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍ර මහතාට එරෙහිව නැගෙන දූෂණ වංචා සහ ඔහුට එරෙහිව නැඟෙන ජනමතය හමුවේ යහපාලනය ගොඩනගන බවට ප්‍රතිඥා දුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැඩි අසීරුතාවකට පත්ව ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තාවේ. මෙයට දේශපාලන බල තුලනය තීරණාත්මක ලෙස මැදිහත් වීම ඊට එක් හේතුවක් වී ඇත. දිගින් දිගටම සිවිල් සංවිධාන ඇතුළු යහපාලනය වෙනුවෙන් කැප වූ සංවිධානත් විද්වතුන් …
Continue Reading
කෝටි ගානක් පිල්ලි ගැසූ ගම්මන්පිළට ගොඩ ඒමක් තියෙයිද?
කු.පා.ම. මහින්ද රාජපක්ෂගේ දේශපාලන උපදේශකයෙකු වූ උදය ප්‍රභාත් ගම්මන්පිළ ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ෂැඩික් මහතාට අයත් රුපියල් මිලියන 110ක් වටිනා කොටස් ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් භාවිතා කරමින් විකුණා ඇති බවට පවතින පැමිණිල්ලට අදාළ විමර්ශන සිදු කරන විශේෂ විමර්ශන ඒකකය වසින් අද(18) පෙරවරුවේ අත්අඩංගුවට ගත්තේය. උදය ගම්මන්පිලව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 01 වැනි දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන …
Continue Reading
කොළඹ තදාසන්නයෙන් ඉඩම් ගන්නේ ප්‍රවේසමෙන්!
ඔබ කොළඹ තදාසන්න ප්‍රදේශයකින් ඉඩමක් මිලදී ගැනීමට අදහස් කරගෙන සිටී නම් එම ඉඩමේ නිරවුල්භාවයත්, ලියකියවිලිවල නිර්වද්‍යතාවයත් පිළිබඳව විශේෂ අවදානයක් යොමුකළ තත්වයක් උද්ගතව ඇත. කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ඉඩම් හිමියන් 4000 කට අධික පිරිසකට ව්‍යාජ ඔප්පු සකස් කළ ජාවාරම්කරුවන් නිසා රුපියල් කෝටි 300 ක වටිනා තම ඉඩම් අහිමි වී ඇත. මෙම පිරිස රහස් පොලිසිය වෙත ඉදිරිපත් කළ පැමිණිලිවලින් ඒ බව තහවුරු …
Continue Reading
ගංගොඩවිල අධිකරණයේ රෙජිස්ටාර්ට නොතීසි
-
RSL
-
June 18, 2016
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
නීති විරෝධීව අලි පැටවෙකු ළඟ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ හිටපු අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේට එරෙහි නඩුවේ ගොනුව කොළඹ මහාධිකරණට ඉදිරිපත් කරන ලෙසට ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටාර්වරයාට කොළඹ මහාධිකරණ විනිසුරු එම්. වෛද්‍යතිලක විසින් නොතීසි නිකුත් කර තිබේ. අදාළ නඩු ගොනුව මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටාර්වරයා මෙතෙක් කටයුතු කර නොමැති බව නීතිපතිවරයා විසින් දැනුම්දීමෙන් අනතුරුවයි මෙලෙස නොතීසි නිකුත් …
Continue Reading
යුරෝපා මත්ස්‍ය තහනම සම්පූර්ණයෙන් ඉවතට!
-
RSL
-
June 17, 2016
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
මෙරට මත්ස්‍ය නිෂ්පාදන යුරෝපීය වෙළඳපොළට අපනයන කිරීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට පනවා තිබූ තහනම මේවන විට සම්පූර්ණයෙන් ඉවත්කර තිබේ. පැවති රාජපක්ෂ රෙජීමයේ ඒකාධිපති පාලනය හේතුවෙන් පනවන ලද එම තහනම මුළුමනින්ම ඉවත් කර ඇති අතර මේ අනුව ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන යුරෝපයට අපනයනය කිරීමේ හැකියාව සම්පූර්ණයෙන් ලැබී ඇතැයි සඳහන්ය. කෙසේ වෙතත් 2013 වසරේ වාර්තා වලට අනුව පනවා ඇති තහනමට …
Continue Reading
රාජපක්ෂ රෙජීමයේ ජාවාරම්කරුවන් අල්ලන්න ජාත්‍යන්තර ගිවිසුමක්
ශ්‍රී ලංකාවේ පැවති රාජපක්ෂ රෙජීමය පාලන කාලය තුළ ඔවුන් සිදුකළ ජාත්‍යන්තර ජාවාරම්වල නිරත වූ සහචරයින් ඇල්ලීම සඳහා රජය ජාත්‍යන්තර ගිවිසුමකට එළැඹීමට තීරණය කොට ඇත. ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පසුගිය 14 වැනි දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඒ පිළිබඳ ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමතය හිමිව තිබේ. රාජපක්ෂ රෙජීමය විසින් සිදුකර ඇති ජාවාරම්වලින් අවි ජාවාරම, මත්කුඩු ජාවාරම …
Continue Reading
සෝමවංශගේ දේහයේ අයිතිය වෙනුවෙන් උසාවි යයි
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක හා ජනතා සේවක පක්ෂයේ නායක සෝමවංශ අමරසිංහගේ දේහය අවසන් කටයුතු සඳහා ඥාතීන්ට බාරදෙන ලෙස අධිකරණය අද නියෝග කර තිබේ. සෝමවංශ අමරසිංහගේ ඥාතියෙකු වන මයුර අමරසිංහ විසින් අධිකරණයට ඉදිරිපත් කළ මෝසමක් සැලකිල්ලට ගනිමින් අදාළ නියෝගය නිකුත්කර ඇත. අමරසිංහගේ මරණය සැකසහිත නැති බවට වෛද්‍ය වාර්තාවලින් තහවුරු වී නැති නිසා අවසන් කටයුතු සඳහා දේහය ඥාතීන්ට ලබාදෙන ලෙසට මහේස්ත්‍රාත්වරිය …
Continue Reading
පෙරටුගාමීන්ගේ දේශපාලන අතකොළු වූ මොවුන් සිසුන්ද? අපතයින්ද?
පසුගියදා කැළණිය විශ්ව විද්‍යාලයේ නවක සිසුවියක් කලිසමක් ඇන්දා කියා ඇයගේ කලිසම ගැලවීමට බල කරමින් නවක වධය දුන් පෙරටුගාමීන්ගේ තිරිසන් වධකයන් සහ වධකාවියන් පිරිසක් අධිකරණය විසින් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින අතර ඔවුන් නිදහස් කරන්නැයි බලකරමින් එම පෙරටුගාමීන්ගේ අතකොළු වූ කොලුවන් අධිකරණ නියෝගද නොතකමින් ඊයේ(15) විරෝධතා පාගමනක් පැවැත්වීය. පොලිසිය අධිකරණ නියෝගය පෙන්වුවද එම අධිකරණ නියෝගය නොතකා මිලේච්ඡ ඉල්ලීමක් ඉල්ලමින් බලහත්කාරයෙන් ගමන් …
Continue Reading
FCIDයට නව පණක්
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය දැනට සිදුකරන කාර්යභාරය වඩාත් ශක්තිමත් හා පුළුල් බලතල සහිතව ක්‍රියාත්මක කිරීම සඳහා වෙනම ආයතනයක් ස්ථාපිත කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති සම කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වසා දැමීමට තීරණය කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ඇතැම් පිරිස් කරන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක් නැතැයි …
Continue Reading
දේශපාලනයේ දැවැන්තයින් දෙදෙනකු එකම දිනයක නික්ම යති
-
RSL
-
June 15, 2016
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා අද (15) අලුයම අභාවප්‍රාප්ත විය. ඒ වනවිට එතුමන් ජීවත්ව සිටියේ රාජගිරිය පිහිටි ඔහුගේ සහෝදරයෙකුගේ නිවසේය. අභාවප්‍රාප්ත ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන (18) සෙනසුරාදා බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිත බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. මේ අතර බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාරවරයෙකු සහ හිටපු ඇමතිවරයෙකු වූ අලෙවි මවුලානා …
Continue Reading