රාජපක්ෂ රෙජීමයේ ජාවාරම්කරුවන් අල්ලන්න ජාත්‍යන්තර ගිවිසුමක්

Spread the love

Rajapaksha-Brothers22ශ්‍රී ලංකාවේ පැවති රාජපක්ෂ රෙජීමය පාලන කාලය තුළ ඔවුන් සිදුකළ ජාත්‍යන්තර ජාවාරම්වල නිරත වූ සහචරයින් ඇල්ලීම සඳහා රජය ජාත්‍යන්තර ගිවිසුමකට එළැඹීමට තීරණය කොට ඇත.

ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පසුගිය 14 වැනි දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඒ පිළිබඳ ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමතය හිමිව තිබේ.

රාජපක්ෂ රෙජීමය විසින් සිදුකර ඇති ජාවාරම්වලින් අවි ජාවාරම, මත්කුඩු ජාවාරම සහ කුලියට මිනී මැරීමේ ජාවාරම් ඒ අතර ප්‍රධාන තැනක් ගනී.

මෙහි පලමු පියවර වශයෙන් රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිව සිට යුක් රේන ත්‍රස්තවාදීන්ට අවි ආයුධ සැපයූ රාජපක්ෂ වල්ලේ ඥාතියෙකු වූ උදයංග වීරතුංග නැමැති අවිජාවාරම්කරුවා අත් අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකාවත් යුක්රේනයත් අතර උදර්පණ ගිවිසුමකට එළැඹීමට රජය තීරණය කර ඇත.

මිග් ගනුදෙනුවට සහ යුක්රේන ත්‍රස්තවාදීන්ට, මුහුදු කොල්ලකරුවන්ට අවි සපයා ඇති රාජපක්ෂ රෙජීමයේ ජාත්‍යන්තර අවි ජාවාරමේ නියෝජිතයෙකු වූ රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මේ වනවිට රැඳී සිටින්නේද යුක්රේනයේ යැයි තොරතුරු වාර්තා වෙයි.

කු.පා.ම. මහින්ද රාජපක්ෂ මහතාගේ තායිලන්ත සංචාරයේදීත්, ජපාන සංචාරයේදීත් ඔහු ඒ සඳහා පැමිණ තිබුණි. රාජපක්ෂ මහතාගේ උගණ්ඩා සංචාරයටද වීරතුංග මහතා පැමිණ සිටි බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

RSL

Related Posts