ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක හා ජනතා සේවක පක්ෂයේ නායක සෝමවංශ අමරසිංහගේ දේහය අවසන් කටයුතු සඳහා ඥාතීන්ට බාරදෙන ලෙස අධිකරණය අද නියෝග කර තිබේ.
සෝමවංශ අමරසිංහගේ ඥාතියෙකු වන මයුර අමරසිංහ විසින් අධිකරණයට ඉදිරිපත් කළ මෝසමක් සැලකිල්ලට ගනිමින් අදාළ නියෝගය නිකුත්කර ඇත.
අමරසිංහගේ මරණය සැකසහිත නැති බවට වෛද්‍ය වාර්තාවලින් තහවුරු වී නැති නිසා අවසන් කටයුතු සඳහා දේහය ඥාතීන්ට ලබාදෙන ලෙසට මහේස්ත්‍රාත්වරිය වැලිකඩ පොලීසියට නියෝග කරන ලදී.
සෝමවංශ අමරසිංහගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදුකරන බවට ද ඊයේ එම පක්ෂයෙන් ප්‍රකාශයක් නිකුත් වූ අතර එය ද මතබේදයකට ලක්ව ඇතැයි පැවසේ.
කෙසේ වුවද අභාවප්‍රාප්ත සෝමවංශ අමරසිංහගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සෙනසුරාදා සිදුකිරීමට නියමිත අතර මේවන විට ඔහුගේ දේහය බත්තරමුල්ල, සිංහපුර හි ඔහුගේ ඥාතී නිවසක තැන්පත් කර තිබේ.