ඔබ කොළඹ තදාසන්න ප්‍රදේශයකින් ඉඩමක් මිලදී ගැනීමට අදහස් කරගෙන සිටී නම් එම ඉඩමේ නිරවුල්භාවයත්, ලියකියවිලිවල නිර්වද්‍යතාවයත් පිළිබඳව විශේෂ අවදානයක් යොමුකළ තත්වයක් උද්ගතව ඇත. කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ඉඩම් හිමියන් 4000 කට අධික පිරිසකට ව්‍යාජ ඔප්පු සකස් කළ ජාවාරම්කරුවන් නිසා රුපියල් කෝටි 300 ක වටිනා තම ඉඩම් අහිමි වී ඇත.
මෙම පිරිස රහස් පොලිසිය වෙත ඉදිරිපත් කළ පැමිණිලිවලින් ඒ බව තහවුරු වී තිබේ.
මේ ව්‍යාජ ඔප්පු සකස් කිරීමේ මහා පරිමාණ ජාවාරමට ඇතැම් නීති අංශ හා කෝටිපති ව්‍යාපාරිකයන් සහ මැර දේශපාලනඥයන්ද සම්බන්ධ වී ඇතැයි අපරාධ විමර්ශන ආරංචි මාර්ග පවසයි.
මෑතකදී රජයේ බැංකුවක් මගින් ව්‍යාපාරිකයකුට විකුණු රුපියල් කෝටි 15 ක ඉඩමකටද ව්‍යාජ ඔප්පුවක් සකස් කර ඇති බව අනාවරණය වී ඇත.
විදේශගතව සිටි ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රී ලාංකිකයන් රැසක් තම මව්පියන් සතු ඉඩම්වලට යැමේදී එම ඉඩම් පිටස්‌තරයන්ට අලෙවි කර ඇති බව හෙළි වී ඇතැයි ඉහළ පෙළේ පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
-දිවයින ඇසුරින්-