කෝටි ගානක් පිල්ලි ගැසූ ගම්මන්පිළට ගොඩ ඒමක් තියෙයිද?

Spread the love

udaya-gammanpila2කු.පා.ම. මහින්ද රාජපක්ෂගේ දේශපාලන උපදේශකයෙකු වූ උදය ප්‍රභාත් ගම්මන්පිළ ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ෂැඩික් මහතාට අයත් රුපියල් මිලියන 110ක් වටිනා කොටස් ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් භාවිතා කරමින් විකුණා ඇති බවට පවතින පැමිණිල්ලට අදාළ විමර්ශන සිදු කරන විශේෂ විමර්ශන ඒකකය වසින් අද(18) පෙරවරුවේ අත්අඩංගුවට ගත්තේය.

උදය ගම්මන්පිලව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 01 වැනි දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (18) නියෝග කර තිබේ.

අප වෙත වාර්තා වන පරිදි උදය ගම්මන්පිළගේ මෙම කුප්‍රකට මූල්‍ය වංචාව සම්බන්ධයෙන් රහස් පොලිසිය දීර්ඝ කාලයක් පරීක්ෂණ පවත්වා ඉන් අනතුරුව මෙම කුප්‍රකට උදය ගම්මන්පිළව අත් අඩංගුවට ගෙන ඇති අතර එම නිසා ගම්මන්පිළට ගැලවීමක් නැතිවනු ඇතැයි වාර්තාවේ.

RSL

Related Posts