සහතිකයක්! මහින්ද යන කොතැනද හොරු, ජාවාරම්කරුවන් එතැනය

Spread the love

Udayanga-Weerathunga-with-Mahinda-Rajapaksaමහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටි සමයේ රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිව සිටියදී යුක්රේන කැරළිකරුවන්ට අවි ආයුධ සැපයමින් රාජපක්ෂලාගේ ජාත්‍යන්තර අවි ජාවාරම් මෙහෙයවු බවට චෝදනා එල්ල වී ඇති උදයංග වීරතුංගද මහින්ද රාජපක්ෂගේ ජපන් සංචාරය හා එක් වී තිබේ.

මීට පෙර මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වූ තායිලන්ත සංචාරයටද උදයංග වීරතුංග එක් වී සිටි අතර පසුගිය උගන්ඩා සංචාරයටද ඔහු එක් වීසිටි බවට මාධ්‍ය වාර්තා පළ විය.

උදයංග වීරතුංග විසින් වත්මන් ආණ්ඩුවේ නීතිය ක්‍රියාත්මක කිරීමේ පිළිවෙත දැඩිව විවෙචනය කරමින් හා ඔහු ලංකාවට පැමිණයහොත් අත්අඩංගුවට ගැනීමට සූදානමක් පවතින බවත් සඳහන් කරමින් මාධ්‍ය නිවේදනයක්ද නිකුත් කර තිබිණ.

රුසියාවේ මෙරට තානාපති කාර්යාලයේ සේවයකළ රණවීර කළුආරච්විගේ නොයෙල් රණවීර නැමැත්තාගේ අභිරහස් මරණයටද උදයංග වීරතුංගව සැක කරණ අතර උදයංග රුසියානු තානාපතිව සිටියදී රජයෙන් ලබා දී තිබූ රාජතාන්ත්‍රික විදෙස් ගමන් පත්‍රයද තවමත් අවලංගු කර නැතැයිද පැවසේ.

මේ අතර ශ්‍රී ලංකන් ගුවන් හමුදාවට මිග්-27 ගුවන් යානා 04ක් මිලදී ගැනීමේදී සිදු වූ බරපතල මුල්‍ය වංචා පිළිබඳව සිදු කෙරෙන විමර්ශන සඳහා ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා උදයංග වීරතුංගට පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට සහය ලබාදෙන ලෙසත් ජුලි මස 15 වන දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසගිය 08වනදා නියෝගයක් නිකුත් කළ අතර එය පදනම් කරගෙන ජාත්‍යන්තර පොලීසය හරහා ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කිරීමේ හැකියාව මෙරටඅධිකරණයකට හැකියාවක්ද ඇතත් මෙතෙක් එවැනි වරෙන්තුවක් නිකුත් කර නැත.

RSL

Related Posts