කොළඹ මහා නගර සභාවට රුපියල් කෝටි 800ක ඉඩමක්!

Spread the love

CMC2කොළඹ 07 බාන්ස්‌ පෙදෙසේ රුපියල් කෝටි 800 ක්‌ පමණ වටිනා ඉඩමක්‌ වරිපනම් බදු නොගෙවීම නිසා පෙරේදා (11 වැනිදා) කොළඹ මහ නගර සභාව විසින් පවරාගෙන ඇත.

මෙම ඉඩම ඉකුත් රජයේ සිටි ප්‍රබලයකුගේ මැදිහත්වීම මත ව්‍යාපාරිකයකු විසින් බලහත්කාරයෙන් අල්ලාගෙන දැඩි මුරකාවල් යොදවා ආරක්‍ෂාව සලසා තිබිණි.

මෙම ඉඩම මීට පෙර නගර සභාව විසින් පවරා ගැනීමට කටයුතු කරමින් සිටියදී ඉඩමේ පදිංචි පවුල් කිහිපයක්‌ ඉවත් කිරීමට නොහැකිවීම නිසා එය ව්‍යර්ථ විය. පසුව ව්‍යාපාරිකයා විසින් ඉඩමේ සිටි පිරිස ඉවත් කර රූට්‌ 3 යි පර්චස්‌ 31 ක්‌ පමණ වන ඉඩම වටා උස්‌ තහඩු ගසා මුරකාවල් යොදවා තිබිණි.

මෙම ඉඩම සම්බන්ධයෙන් කොළඹ නගර සභාව මගින් විමර්ශනය කර එය පවරා ගැනීමට නගර සභා නිලධාරීන් සහ පොලිසිය එම ස්‌ථානයට ගොස්‌ කටයුතු කර ඇතත් එයට එරෙහිව විවිධ පුද්ගලයන් ක්‍රියා කිරීම නිසා zනගර සභාව සතු ඉඩමකිZ යන දැන්වීම් පුවරුව සවි කිරීමට නොහැකි වූ බව නගර සභා උසස්‌ නිලධාරියෙක්‌ පැවසීය.

මේ පිළිබඳව ඉදිරියට ගතහැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නගර සභාවේ නීති අංශය වැඩිදුරටත් කරුණු හදාරමින් සිටින බව ද එම නිලධාරියා කියා සිටියේය.

-දිවයින-

RSL

Related Posts