වාහන අයිතිකරුවන් ප්‍රවේසමෙන්!

Spread the love

FORD_carවිවෘත ලේඛන (ඕපන් පේපර්ස්) ළඟ තබාගෙන රථවාහන ධාවනය කරන්නන් ඒ මොහොතේම අත්අඩංගුවට ගන්නා බව නියෝජ්‍ය පොලිස්පති (රථවාහන) අමරසිරි සේනාරත්න මහතා පවසයි.

වාහනයේ අයිතිකරුගේ නමට රක්ෂණ සහතිකය තිබිය යුතු වෙයි. බොහෝ වාහනවල ආදායම් බලපත්‍රය තිබෙන අයගේ නමට රක්ෂණ සහතිකය නොමැති බැවින් අනතුරුවලදී නොයෙක් ගැටලුවලට මුහුණපෑමට සිදුවෙනවා. කිසියම් අපරාධයක්. කොල්ලයක් සිදුවූ විට හසුවන්නේ වාහනයේ ලියාපදිංචි අයිතිකරුයි.

කවුරු වාහනය පැදවූවක් වාහනයේ අයිතිකරු අනිවාර්යයෙන්ම කොටුවන බැවින් තමන් වාහනයක් අලෙවි කළ විට එය මෝටර් රථ‍ දෙපාර්තමේන්තුවට දැන්විය යුතුය. වාහනයක් මිලදී ගත් අයකු දින 30ක් ඇතුළත ලියාපදිංචි නොකළහොත් ඔහුද වරදකරුවකු ඇත. මේ නිසා විවෘත ලේඛන සහිතව රිය පදවා හසුවුවහොත් ඒ මොහොතේම අත්අඩංගුවට ගන්නා බවද අමරසිරි සේනාරත්න මහතා පැවසීය.

RSL

Related Posts