ජනපති සහ අගමැති, මහින්ද ඇතුළු කල්ලියට වෙනස හොඳින් පෙන්වයි

Spread the love

Ranil-maithriරජය විසින් මිලදී ගැනිමට නියමිත නිල වාහන මේ වසර තුළදී ලබා නොගැනීමට රජයේ මැති ඇමැතිවරුන් තීරණය කර තිබේ. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කළ දැනුම් දීමකට ප්‍රතිචාර වශයෙන් එක්සත් ජාතික පෙරමුණේ මැති ඇමතිවරුන් එම තීරණයට එළැඹ තිබේ.

පසුගියදා ඇති වු ගංවතුර සහ සාලාව හමුදා කඳවුරේ පිපිරීමෙන් පසු විපතට පත් ජනතාවගේ නිවාස සහ අනෙකුත් පහසුකම් යළි සාදා නිම වන තෙක් මැති ඇමතිවරුන්ට වාහන මිලදී ගැනිමට මුදල් වෙන් නොකරන ලෙස අගමැති වික්‍රමසිංහ මහතා මහා භාණ්ඩාගාරයට පසුගියදා නියම කළේය.

අගමැතිවර‍යාගේ එම තීරණය පිළිබඳ ප්‍රසාදය පළ කරන රජයේ මැති ඇමතිවරු මෙවැනි අවස්ථාවක තමන් වෙනුවෙන් නිල වාහන මිලදී නොගන්නා ලෙස අගමැතිවරයා දැනුම් දී තිබේ. ඔවුන්ගේ එම ඉල්ලීම අගය කළ අගමැතිවරයා ජනතාවට බරක් නොවන ලෙස මැති ඇමතිවරුන් වාහන ලබා දීමේ වැඩපිළිවෙළ ආපදාවන්ට පත් ජනතාවට සම්පුර්ණයෙන්ම සහන දී අවසන් වු පසු ක්‍රියාත්මක කරන බව ඔවුන්ට දැනුම් දුන්නේය.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් ද විපතට පත් ජනතාවට සහන දෙන තෙක් නිල වාහන මිල දී නොගන්නා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කළ ඉල්ලීමට අනුව වාහන ලබාගැනීම නවතා දමා ඇත.

වත්මන් ආණ්ඩුව ජනතා හඬට කන්දී මෙතරම් ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කළද මීට පෙර පැවති රාජපක්ෂ රෙජීමය කිසිඳු දිනෙක මෙලෙස ජනතා හඬට හිස නමා තම වරදාන වරප්‍රසාද ලබාගැනීම අත්හැර දැමුවේ නැතිබව සඳහන් කළ යුතුමය. 2013 වසරේ රාජපක්ෂලාට ජනතා මුදල් අමු අමුවේ ගසා කෑම වෙනුවෙන් පැවති වූ පොදු රාජ්‍ය මණ්ඩලය උත්සවය සඳහා එකක් රුපියල් කෝටි 12 බැගින් ආනයනය කරන ලද අතිනවීන අධි සුඛෝපභෝගී බෙන්ස් රථ 80 කට මෙතෙක් සිදු වූ දෙයක් නොමැත.

එදවස රාජපක්ෂලා මෙසේ ජනතා මුදල් කාබාසිනියා කරද්දී අද හඬ නඟන කිසිඳු ජනමාධ්‍යයක් හඬ නොනැඟු අතර ජනතාවද නිහඬවම ඒ දෙස බලා සිටියහ. හඬ නැඟුවන් රාජපක්ෂ රෙජීමයේ මැරයන් අතින් අතපය කඩා ගත්හ. හඬ නැඟූ ජනමාධ්‍ය ආයතන ගිනිබත් විය. තව සමහරුන් රාජපක්ෂ රෙජීමයේ නිලමැර හමුදාව මෙහෙය වූ ගෝඨාභය රාජපක්ෂගේ සුදු වෑන් වලින් අතුරුදහන් විය.

එහෙත් ජනවාරි 08 වනදා මෙරට ජනතාව සැබෑ නිදහස ලබා අත්පත් කරගත් සැබෑ ප්‍රජාත්‍රන්තවාදී ආණ්ඩුව තුලින් අද ඒ සැබෑ වෙනසත් නිදහසත් හිමිව තිබීම ඉතා අගය කළ යුතුය. අද නිදහසේ රජය විවේචනය කිරීමේ විරෝධය දැක්වීමේ අයිතියත් නිදහසත් සැබැවින්ම ජනතාවට හිමි වී තිබේ.

RSL

Related Posts