ජපන් සමන්ගෙන් මහින්ද ඇතුළු පිරිසට සුපිරි ජපන් සංග්‍රහයක් (Exclusive)

Spread the love

japan-prosජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංශගේ ප්‍රධාන මූල්‍ය ආධාරකරුවා වන ජපන් සමන්ගේ ආරාධනයෙන් ජපානයේ ගිය කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසට ජපානයේදී සුපිරි සංග්‍රහයන් ලැබෙමින් පවතින බවට වාර්තාවේ. මහින්දගේ මෙම ජපන් සංචාරයේ අරමුණු කිහිපයක් වන අතර ජනාධිපතිධුරය අහිමි වූ පසු අහිමි වී ගිය මහින්දගේ අසීමිත කම්සැපත් මදකට වර්ධනය කර ගැනීමද මේ අතර ප්‍රධානය.

සුපිරි සංග්‍රහයන් අතර මත්පැන් වර්ගවලට අමතරව ජපන් ගණිකාවන්ද වන බව වාර්තාවේ. මෙම සියලු සංග්‍රහයන් විමල්ගේ පාර්ශවයෙන් සිදුවන අතර ජපන් සමන් මෙම සංග්‍රහයන් පිරිනැමීම මෙන්ම අධීක්ෂණයද සිදුකර ඇතැයි එරටින් ලැබෙන ආරංචි මාර්ගවලින් වාර්තාවේ. ඕනෑම අවලන් කුපාඩි වැඩක් කිරීමට පෙර පන්සලකට රිංගා ගැනීම පුරුද්ද කරගත් මහින්ද ජපානයට ගොඩබැස්ස විගසම පූජ්‍ය බානගල උපතිස්ස හිමියන්ගේ පන්සලට රිංගා පන්සිල් ගත් බවට ජායාරූප මහින්දගේ අනුගාමිකයින් පිනවීමට එවා තිබිණ.

අද(12) කු.පා.ම. මහින්ද රාජපක්ෂ ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් හමුවන ජපන් ශ්‍රී ලාංකීය පෙළ ගැස්ම ජන හමුවක් සුකුබා අන්තර් ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති අතර ඉන් අනතුරුව මෙම සන්තර්පනයන් ලැබෙමින් පවතින බවට වාර්තාවේ. කු.පා.ම. මහින්ද සමඟ ගිය පිරිසේ සිටින ලොහාන් රත්වත්ත, රෝහිත අබේගුණවර්ධන, ධනසිරි අමරතුංග, ජානක වක්කුබුර යන අය හොඳින් සන්තර්පනය වන බවද වාර්තාවේ.

මහින්ද රාජපක්ෂ පුරා දින 10ක් ජපානයේ රැදී සිටීමට නියමිතය. ඔහු ජනාධිපතිධුරය දැරූ කාලසිමාවේදීවත් මේ තරම් දීර්ඝ සංචාරයක් සිදුකොට නොමැත.

RSL

Related Posts