පාඨලී ප්‍රසිද්ධියේ බොරු කියයි
කළු ගඟෙන් මුහුදට ගිය වැලි ‘පෝට් සිටි’ නගර ව්‍යාපෘතිය සඳහා යොදාගෙන ඇති බවට ඇමැති පාඨලී චම්පික රණවක මාධ්‍ය වෙත කර ඇති ප්‍රකාශය අසත්‍යයකි. ඒ සඳහා අවශ්‍ය වැලි ලබාගෙන ඇත්තේ උස්වැටකෙයියාව හා මීගමුව අතර කිලෝ මීටර් 10ක් වූ මුහුදු තීරයෙනි. කළු ගඟෙන් මුහුදට ගිය වැලි මිලියන කියුබික් මීටර් 70කට අධික ප්‍රමාණයක් එම ව්‍යාපෘතිය සඳහා යොදා ගැනීම හේතුකොටගෙන කළුගඟ ප්‍රදේශයේ සෝදාපාළුවක් හා …
Continue Reading
ජනාධිපතිතුමන්ව රැකගෙන අප ඔහු සමඟ ඉදිරියට යා යුතුයි – සජිත්
මෛත්‍රිපාල ජනාධිපතිවරයාට සමච්චල් කළ නිග්‍රහ, අපහාස කළ අය අද එතුමත් එක්ක එකතු වෙන්න හදන්නේ ඔහුව දේශපාලනයෙන් සදහටම බවත්, ජනාධිපතිතුමන් සමඟ අප නැවත එකට ගමනක් යෑමට එතුමන්ව ආරක්ෂා කර ගත යුතු බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසයි. ඇමැතිවරයා මේ බව කියා සිටියේ අනුරාධපුර කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ඉදි කළ 150 වැනි උදාගම්මානය වන …
Continue Reading
අපි රනිල්ට සහාය දුන්නේ පිනට නොවෙයි.. පොරොන්දු ගණනාවක් මතයි.. ව්‍යවස්ථාව ඉන් එකක්!
අගමැතිවරයාට විශ්වාසය පලකිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට සහය දෙමින් එජාප ආණ්ඩුවක් වෙනුවෙන් එක් වූයේ පිනට නොව අපගේ ඉලක්ක සහ අවශ්‍යතා ඉටුකරගැනීමට බවත්, ව්‍යවස්ථාව ඉන් එකක් බවත් දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් පවසයි. මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ යාපනය වලිකාමම් උතුර ප්‍රදේශයේ පැවති ජනහමුවකට සහභාගී වෙමිනි එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ එම්.ඒ.සුමන්තිරන් මන්ත්‍රීවරයා කියා සිටියේ, ‘අගමැතිවරයාට විශ්වාශය පලකිරීමේ යෝජනාව …
Continue Reading
ව්‍යවස්ථා කොන්ත්‍රාත්තුව ගොඩදාන්න එජාපය යැවූ තවත් ඒජන්තයෙක් හිසගසා ගෙන එයි
එක්සත් ජාතික පක්ෂ- දෙමළ සන්ධාන ආණ්ඩුවේ මූලික එකඟතා ගිවිසුමට අදාළ බෙදී වෙන්වුණු රාජ්‍යයකට (ෆෙඩරල්) අදාළ ව්‍යවස්ථාව සම්මත කරගැනීමට අදාළ පසුබිම සකස් කරගැනීම වෙනුවෙන් මහා සංඝරත්නය වෙත එක්සත් ජාතික පක්ෂයේ ඒජන්තයින් දින කිහිපයකට වරක් යොමුකිරීමේ මෙහෙයුමක් සති කිහිපයක සිට ක්‍රියාත්මක වෙමින් පවතී. ඒ සඳහා යම් තරමක හෝ සිංහල-බෞද්ධ අනන්‍යතාවයක් තිබෙන එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් මහනායක හිමිවරුන් ඇතුළු මහසංඝරත්නය හමුවට දින දෙක …
Continue Reading
ආණ්ඩුවේ වැරදි පෙන්වාදෙමින් විපක්ෂයේ සිටීම අපට කිසිම ගැටලුවක් නොවෙයි
ආණ්ඩුවේ වැරදි පෙන්වාදෙමින් විපක්ෂයේ සිටීම අපට කිසිඳු ගැටලුවක් නොවන බවත්, විපක්ෂය අපට හොඳට හුරුපුරුදු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි. පසුගියදා බදුල්ලේ පැවති ජනහමුවක් අමතමින් කුමාර වෙල්ගම මෙම අදහස් පළකර ඇති අතර මෙහිදී වැඩිදුරටත් ඔහු මෙසේද පවසා ඇත. විපක්ෂයේ සිටීම අපට කිසිම ගැටලුවක් නොවේ. ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් අපට හොඳට පුරුදුයි. දැන් අපි විපක්ෂයේ සිටිමින් ආණ්ඩුවේ සියලු වැරැදිවලට විරුද්ධ වෙමින් ඉදිරියට …
Continue Reading
ගැටුම් නිරාකරණයට අගමැති රනිල් ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශකගේ සහය පතා රහස් හමුවක
එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ විශේෂ ආරාධනයකට අනුව ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක නීතිඥ ශිරාල් ලක්තිලක අතර රහස් හමුවක් පසුගියදා පවත්වා ඇතැයි එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ පුවත් වෙබ් අඩවියක් වාර්තා කර ඇත. විවිධ කුමන්ත්‍රණ ඔස්සේ අග්‍රාමාත්‍යධුරය යළි ලබාගත්ද ආණ්ඩුව පත්වාගෙන යෑමේ නොහැකි තත්වයකට මේ වන විට රනිල් වික්‍රමසිංහ මුහුණදී ඇති අතර ජනාධිපතිවරයා සමඟ තිබෙන ගැටුම් නිරාකරණය කරගනිමින් ඉතිරිව ඇති කාලයේදී …
Continue Reading
ජනාධිපති කොමිසමට රාජිතගෙන් හැරෙන තැපෑලෙන් පිළිතුරක්
-
RSL
-
January 15, 2019
-
උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
-
0 Comments
නිදහස් සෞඛ්‍ය සේවාව යටතේ අසරණ රෝගී ජනතාවට පසුගිය වසර 04 පුරා සෞඛ්‍ය අමාත්‍යාංශය සිදු කළ සේවාවේ වංචා දුෂණ සෙවීම සඳහා විශේෂ කොමිසමක් පත්කිරීමේ යෝජනාවට බිය නොවන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසයි. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර පැවැති සාකච්ඡාවක දී විශේෂ කොමිසමක් පත් කරන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ යැයි රජයේ …
Continue Reading
කුලියාපිටියේ වොක්ස්වැගන් ෆැක්ටරිය වැඩ අවසන් වෙන්න ආසන්නයි (වීඩියෝ)
කුලියාපිටියේ ඉදි කරමින් ඇති වොක්ස්වැගන් වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවේ වැඩ කටයුතු මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇති බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සඳහන් කරයි. එහි වැඩ ප්‍රමාද වූයේ පසුගිය කාලයේ ආණ්ඩුවේ සිටි ඇතැමුන් කකුලෙන් ඇදි නිසා බවත්, මේ වන විට මෙම කර්මාන්තශාලාවේ අවසන් වැඩ කටයුතු ජර්මනියේදී සිදු කරමින් ඇති බවත් එය නැවු මගින් ගෙන්වා ඉතා …
Continue Reading
බුද්ධ වචනයෙන් අතිපාරිශුද්ධ ත්‍රිපිටකය ලෝක උරුමයක් කරන්න ජනපති සැරසෙයි
ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලද සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේ උරුමයක් වූ අතිපාරිශුද්ධ ථෙරවාද ත්‍රිපිටකය, ලෝක උරුමයක් බවට පත්කිරීමේ අරමුණින් යුතුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. ජාතික උරුමයක් බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ ජාතික මහෝත්සවය 2019 ජනවාරි මස 05 වන දින ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික මාතලේ අලූවිහාරයේ දී පැවැත්විණි. එහිදී ථෙරවාද ත්‍රිපිටකය ජාතික උරුමයක් …
Continue Reading
ජාමේ බේරාගෙන, කාලේ කා දමන රනිල්ගේ සූත්තරේ..
එක්සත් ජාතික පක්ෂයේ අසහාය නායක සහ වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඒ ඒ මොහොතේ තම දේශපාලන ගැලවිජ්ජාව සඳහා ඒ ඒ ආකාරයේ විවිධ කතා සහ බොරු ගොතන බව රනිල්ගේ දේශපාලනය හඳුනන්නෝ හොඳින් හඳුනති. නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සාවද්‍ය ප්‍රකාශ සිදු කරන බව පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල ඊයේ (14) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් …
Continue Reading