පාඨලී ප්‍රසිද්ධියේ බොරු කියයි

Spread the love

කළු ගඟෙන් මුහුදට ගිය වැලි ‘පෝට් සිටි’ නගර ව්‍යාපෘතිය සඳහා යොදාගෙන ඇති බවට ඇමැති පාඨලී චම්පික රණවක මාධ්‍ය වෙත කර ඇති ප්‍රකාශය අසත්‍යයකි. ඒ සඳහා අවශ්‍ය වැලි ලබාගෙන ඇත්තේ උස්වැටකෙයියාව හා මීගමුව අතර කිලෝ මීටර් 10ක් වූ මුහුදු තීරයෙනි.

කළු ගඟෙන් මුහුදට ගිය වැලි මිලියන කියුබික් මීටර් 70කට අධික ප්‍රමාණයක් එම ව්‍යාපෘතිය සඳහා යොදා ගැනීම හේතුකොටගෙන කළුගඟ ප්‍රදේශයේ සෝදාපාළුවක් හා පරිසර විනාශයක් සිදුව ඇති බවට ඇමැතිවරයා කරන ලද ප්‍රකාශයද මේ අනුව සම්පූර්ණයෙන්ම අසත්‍ය වේ.

ඇමැතිවරයා එම ප්‍රකාශය සිදු කළේ ඇමෙරිකානු ඩොලර් මිලියන 1.4ක මූලික ආයෝජනයෙන් චයිනා හාබර් ඉන්ජිනියරින් සමාගම හෙක්ටයාර් 269ක මුහුදු තීරයක් ගොඩ කර අවසන් කිරීමේ නිල නිවේදනය නිකුත් කිරීම නිමිත්තෙන් ඊයේ (16දා) එම වැඩබිමේ පැවැති වැඩසටහනකට සහභාගි වෙමිනි.

උපුටනය: මව්බිම

RSL

Related Posts