දවල් මිගෙල්, රෑ ඩැනියල්; කාටත් හොරා මංගල ඩීල් ගහන හැටි ගැන කිරිඇල්ල ප්‍රසිද්ධියේ කට අරී (Video)

එජාපයේ සමහර ඇමතිවරුන් ජනාධිපතිවරයාට ප‍්‍රසිද්ධියේ බැන්නාට යටින් ඩීල් තිබෙන බව ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල සදහන් කරයි. ඔවුන් ප‍්‍රසිද්ධියේ බැන්නාට පුද්ගලිකව ගොස් සමාව ගත් බවත් ඔවුනගේ අමාත්‍යංශවලට වැඩිපුර ආයතන බෙදා ඇති බවත් ඔහු පෙන්වා දෙයි. අමාත්‍ය මංගල සමරවීරට වැඩිපුර ආයතන වෙන් කර ඇත්තේ කුමන හේතුවක් නිසාදැයි කල විමසීමකට ඇමති කිරිඇල්ල මෙම අදහස් පල කරන ලද්දේ හිරු රූපවාහිනියේ ‘හාඩ් ටෝක්’ වැඩසටහන හා එක්වෙමිනි. …

Continue Reading

වෙල්ගම ඇමතිකම් කළ සමයේ ලංගමයේ බස් ගිලලා! COPE වාර්තාවෙන් හෙළිවෙයි

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ වාර්තාව මඟින් කුමාර වෙල්ගම මහතා ප්‍රවාහන අමාත්‍ය ධුරය දරණ සමයේ ගමනාගමන මණ්ඩලයට නොමිලයේ ලැබුණු බස් රථ 18ක් අස්ථාන ගතවී ඇති බව අනාවරණය කර තිබේ. මේ අතර මතුගම ප්‍රදේශයේ 2014 වසරේ ජනවාරි මස 31 වැනිදා පැවති රැස්වීමක් සඳහා බස් රථ 47ක් ගාස්තු ගෙවීමකින් තොරව යොදා ගෙන ඇති බවත් කෝප් වාර්තාව හෙලිදරව් කරයි. පාර්ලිමේන්තුවට …

Continue Reading

කුප්‍රකට මලික් ගැසූ සිංගප්පුරු ගිවිසුම සංශෝධනය කරන බව ජනපති සිංගප්පුරු අගමැතිට කියයි

සිංගප්පුරුවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියැන් ලුන්ග් (Mr Lee Hsien Loong) මහතා අතර හමුව ඊයේ(25) දහවල් සිදු විය. දෙරට අතර පවතින වෙළෙඳ, සංචාරක සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ සබඳතා තවදුරටත් ඉහළ නංවා ගැනීම පිළිබඳව මෙහි දී නායකයන්ගේ විශේෂ සාකච්ඡාවට ලක් විය. ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර අත්සන් තබා ඇති නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳව ද …

Continue Reading

නඩුවට ආපු ගෝඨාට ගොට්ට අල්ලන්න ගිය සාක්ෂිකරුට අධිකරණයෙන් දැඩි අවවාද

වෘත්තීය ගරුත්වය රැකගෙන අධිකරණය තුළදී කටයුතු කිරීමට වගබලාගන්නා ලෙස කොළඹ විශේෂ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ගෝඨාභය රාජපක්‍ෂ ඇතුළු හත් දෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ 67 වැනි සාක්‍ෂිකරු වන පතල් හා භූ විද්‍යා කාර්යාංශයේ සභාපති ඩබ්ලිව්. එම්. ඒ. එස්‌. අසේල ඉද්දවෙලට ඊයේ (25) අවවාද කළේය. එම නිලධාරියා අධිකරණයට කැඳවා ඇත්තේ පැමිණිල්ලේ සාක්‍ෂිකරුවකු ලෙස පැමිණිල්ල වෙනුවෙන් සාක්‍ෂි ලබාදීමට මිස විත්තිකරුවන්ට අධිකරණය තුළදී …

Continue Reading

නිවාස අධිකාරියේ වාර්ෂික වාර්තාව විගණකාධිපති ප‍්‍රතික්ෂේප කරයි; ඇමති සජිත්ටත් වංචා-දූෂණ චෝදනා!

ජාතික නිවාස සංවර්ධණ අධිකාරියේ වාර්ෂික ගිණුම වාර්තාව රජයේ විඝණකාධිපති විසින් ප‍්‍රතික්‍ෂෙප කර ආපසු එවා ඇති බව එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධර්ම ශ‍්‍රී කාරියවසම් සදහන් කරයි. අද වින විට ආයතනය එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසගේ දේශපාලන වැඩ සදහා අති විශාල මුදලක් නාස්ති කරමින් සිටින බවටත් ඔහු චෝදනා කරයි. 2015 ජනවාරි 08 වැනිදා වන විට අධිකාරියේ සම්පුර්ණ සේවක ගණන 1387ක් …

Continue Reading

දෙවන වරටත් ජනපතිගේ නම ඉවතට

අභියාචනාධිකරණයේ සභාපති ධුරය සඳහා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන යෝජනා කර එවූ නම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව විසින් දෙවැනි වතාවටත් පෙරේදා (23)ප‍්‍රතික්ෂේප කරනු ලැබීය. කථානායක කරු ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පෙරේදා පස්වරුවේ රැස්විය. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රමුඛ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ සියලූ සාමාජිකයෝ ඒ රැස්වීමට සහභාගී වී සිටියහ. අභියාචනාධිකරණ සභාපති ධූරය සඳහා තමා විසින් මීට පෙර …

Continue Reading

මේ ආණ්ඩුව ඇයි වස විසෙන් තොර බෝග වගා ව්‍යාපෘතිය විනාශ කළේ?

වත්මන් ආණ්ඩුව වසවිසෙන් තොර බෝග වගා ව්‍යාපෘතිය කඩාකප්පල් කළ බවත් එම නිසා ගොවීන්ට රජයෙන් දෙන රසායනික පොහොර ගැනීමට සිදු වී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමියෝ ප්‍රකාශ කළහ. උන්වහන්සේ එම අදහස් පළ කළේ ඊයේ (24) රාජගිරියේ දී පැවැත්වූ මාධ්‍ය හමුවකදීය. ශ්‍රී ලංකා ජාතික මහ සභාව සංවිධාන කොට තිබූ එම මාධ්‍ය හමුවේදී අතුරලියේ රතන හිමියෝ මෙසේද පැවැසූහ. කාබනික පොහොර භාවිත …

Continue Reading

ශ්‍රී ලංකන් එකේ ලක්ෂ 10ක මාසික පඩියක් ගන්න 190ක්; මාස 9ට පාඩුව මිලියන 40,000යි

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ මසකට මිලියනයකට වඩා අධික වැටුප් ලබන නිලධාරීන් 190ක් පමණ අද වනවිට සිටින බව විගණන වාර්තාවලින් අනාවරණය වී ඇතැයි පාර්ලිමේන්තුවට ඊයේ ඉදිරිපත් කළ කෝප් කමිටු වාර්තාවෙන් හෙළි විය. මේ අතර අදාළ ගුවන් සමාගම පහුගිය මාස 9ක කාලය තුළ රුපියල් මිලියන 40,000ක් පාඩු ලබා ඇති බව වාර්තාව ඉදිරිපත් කරමින් කෝප් කමිටු සභාපති හඳුන්නෙත්ති පැවැසීය. ඊට අමතරව 2014 වසරේ …

Continue Reading

“සූදානම්” කතා විහිළු; මිනීමරුවන්ට ජනාධිපති අපේක්‍ෂකකම් දෙන්න බෑ..

‘ඔබ සූදානම් නම් මාත් සූදානම්’ කතාව දැන් බොහෝ දෙනෙකු කියන නිසා එය විහිළුවක් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම පවසයි. මීලග ජනාධිපතිවරණයේදී අපේක්‍ෂකයා විය යුත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගරු කරන මිනී නොමරන සුළු ජාතීන්ගේ ඡන්ද ගතහැකි පුද්ගලයෙකු බවත් ඔහු සදහන් කරයි. ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ මේ වසරේ අග භාගයේදී නිසා ඒ වන විට සුදුස්සෙක් ඊට තෝරා ගැනෙනු ඇතැයිද ඔහු කියා සිටී. …

Continue Reading

පාර්ලිමේන්තු බලය දුර්වල කොට ඒකීය රාජ්‍යය ෆෙඩරල් කරන නව ව්‍යවස්ථාව ගැන මහින්දගෙන් නිල ප්‍රකාශයක් (වීඩියෝ)

පාර්ලිමේන්තුවේ බලය දුර්වල කර පළාත් සභා ශක්තිමත් කරන අලූත් ව්‍යවස්ථා කෙටුම්පතෙන් ඒකීය රාජ්‍යය ෆෙඩරල් රාජ්‍යයක් බවට පරිවර්තනය වන නිසා ඊට දැඩි ලෙස විරුද්ධ වන බව විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. පසුගියදා පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා සම්පාදක සභාව ඉදිරියේ ව්‍යවස්ථාවක කෙටුම්පතක් හැටියට සකස් කර තිබූ පිටු 187ක වර්තාවක් අගමැතිවරයා සභාගත කළේය. ඉන් පසු ‘ව්‍යවස්ථාවකුත් නෑ ව්‍යවස්ථා කෙටුම්පතකුත් නෑ’ කියමින් ඔහු …

Continue Reading