
එජාපයේ සමහර ඇමතිවරුන් ජනාධිපතිවරයාට ප‍්‍රසිද්ධියේ බැන්නාට යටින් ඩීල් තිබෙන බව ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල සදහන් කරයි.
ඔවුන් ප‍්‍රසිද්ධියේ බැන්නාට පුද්ගලිකව ගොස් සමාව ගත් බවත් ඔවුනගේ අමාත්‍යංශවලට වැඩිපුර ආයතන බෙදා ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
අමාත්‍ය මංගල සමරවීරට වැඩිපුර ආයතන වෙන් කර ඇත්තේ කුමන හේතුවක් නිසාදැයි කල විමසීමකට ඇමති කිරිඇල්ල මෙම අදහස් පල කරන ලද්දේ හිරු රූපවාහිනියේ ‘හාඩ් ටෝක්’ වැඩසටහන හා එක්වෙමිනි.
මංගලගේ මෙම ඩීල් ගැසීම ප්‍රථමයෙන්ම අනාවරණය කරනු ලැබූයේ “රීඩ් ශ්‍රී ලංකා” වන අතර අද වන විට එය එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් ඇතුළු ප්‍රබලයින් විසින් සත්‍ය ලෙස තහවුරු කොට අවබෝධ කරගෙන සිටීම සම්බන්ධයෙන් අපට ඇත්තේ නිහතමානී සතුටකි.
ආශ්‍රිත පුවත්: ජනපති ලොකුම හැන්ඳෙන් තම දෙබිඩි මංගලට බෙදයි; සමහරුන් නමට පමණක් ඇමති කරයි