උත්තර දේවීට ජනපතිගේ අවසරය (Video)

Spread the love

”උත්තර දේවී” කොළඹ යාපනය නව දුම්රිය බලවේග කට්ටලය ජනතා අයිතියට පත්කිරීමේ සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) පෙරවරුවේදී පැවැත් විය.

එම අවස්ථාවට ඉන්දියානූ මහකොමසාරිස් තරංජිත් සිං සන්දුද එක් විය.

“උත්තර දේවී” කොළඹ යාපනය S 13 නව දුම්රිය බලවේග කට්ටලය ජනතා අයිතියට පත්කිරීමේ සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී ඊයේ පැවති අතර පෙරවරු 6.00ට ‘උත්තර දේවි’ දුම්රිය යාපනය බලා පිටත්විය.

එම දුම්රිය බලවේග කට්ටලය කිලිනොච්චි අරවියල් නගර් උප දුම්රිය ස්ථානය වෙත පෙරවරු 11.15ට ලගා වීමෙන් පසු එම දුම්රිය ස්ථානය විවෘත කිරිම සිදු වූ අතර පස්වරු 1.00ට එම දුම්රිය බලවේග කට්ටලය යාපනය දුම්රිය ස්ථානය වෙත ලඟා වූ බව ප්‍රවාහන අමාත්‍යංශය සඳහන් කළේය.

‘උත්තර දේවී’ දුම්රිය ජනවාරි 31 වනදා සිට පෙරවරු 11.30ට කොළඹ කොටුවෙන් යාපනය දක්වාත්, පවස්වරු 5.30ට යළි යාපනයෙන් කොළඹ දක්වාත් ගමන් වාර සිදුකිරීමට නියමිතය.

RSL

Related Posts