ලබන පරාජයට බියේ ඡන්ද නොතියන එජාපයට මැකෝගෙන් දැවැන්ත කනේ පහරක් (Video)

Spread the love

පළාත් සභා මැතිවරණය පැවැත්වුවහොත් එක්සත් ජාතික පක්ෂය නිසැකවම ලබන අන්තපරාජයට බියේ එම මැතිවරණය කල් දමන බව ඉතා පැහැදිලි කරුණක් වී ඇති අතර ඒ වෙනුවට තමන්ට වාසියැයි සිතන “ජනාධිපතිවරණය” මාතෘකාවක් කොට ජනතාව හමුවේ තැබීය.

කෙසේ වෙතත් ජනාධිපතිවරණයට පෙර පළාත් සභා ඡන්දය පැවැත් වීමට නොහැකි වුවහොත් තමා මැතිවරණ කොමිසමේ සභාපතිධූරයෙන් ඉල්ලා අස්වෙන බව මහින්ද දේශප්‍රිය අද(28) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් දැඩිව පැවසීය.

ජනාධිපතිවරණය කලින් පැවැත් වීම ගැටළුවක් නොවන බවත්, නොවැම්බර් මස 9 වන දින සිට දෙසැම්බර් මස 9 වන දක්වා වු කාලය තුළ එනම් නොවැම්බර් 10 ට පෙර පළාත් සභා මැතිවරණය පැවැත් වීමට නොහැකි වුවහොත් එයට විරෝධය පළ කිරීමක් ලෙස තමා මැතිවරණ කොමිසමේ සභාපති ධූරයෙන් ඉවත් වෙන බව මහින්ද දේශප්‍රිය මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

තමාද රටේ පුරවැසියෙක් වන බැවින් එවැනි ප්‍රකාශයක් සිදු කරන බව ද පැවසු දේශප්‍රිය මහතා, තමාගේ හෘද වස්තුවක් මෙම ඡන්දය කල්දැමීම තුළින් වේදනාවට පත්වන බව කියා සිටියේය.

ඡන්දය සම්බන්ධයෙන් සාකච්ඡාවලට තමා දිගින් දිගටම සම්බන්ධ වු බවත්, සෑම දේශපාලන පක්ෂ නායකයෙක්ම මෙය පැවැත්විය යුතු බව සඳහන් කලත් සමහරු තමන්ගේ න්‍යාය පත්‍රයන්ට අනුව කටයුතු කරන බව කියා සිටින බව ද පැවසීය.

කාගේවත් “ඇජෙන්ඩාවලට ඡන්දෙ තියන්න මහින්ද දේශප්‍රිය මේ පුටුවේ වාඩි නොවන “ බව ද දේශප්‍රිය මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේය.

RSL

Related Posts