ශ්‍රී ලංකන් එකේ ලක්ෂ 10ක මාසික පඩියක් ගන්න 190ක්; මාස 9ට පාඩුව මිලියන 40,000යි

Spread the love

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ මසකට මිලියනයකට වඩා අධික වැටුප් ලබන නිලධාරීන් 190ක් පමණ අද වනවිට සිටින බව විගණන වාර්තාවලින් අනාවරණය වී ඇතැයි පාර්ලිමේන්තුවට ඊයේ ඉදිරිපත් කළ කෝප් කමිටු වාර්තාවෙන් හෙළි විය.

මේ අතර අදාළ ගුවන් සමාගම පහුගිය මාස 9ක කාලය තුළ රුපියල් මිලියන 40,000ක් පාඩු ලබා ඇති බව වාර්තාව ඉදිරිපත් කරමින් කෝප් කමිටු සභාපති හඳුන්නෙත්ති පැවැසීය. ඊට අමතරව 2014 වසරේ මිලියන 32,357ක්, 2015 වසරේ මිලියන 16,000ක් සහ 2016 වසරේ මිලියන 12,000ක් පාඩු ලබා ඇති බවද සභාපතිවරයා කීවේය.

මේ හේතුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම කීප විටක්ම කෝප් කමිටුව හමුවට කැඳවීමට සිදුවූ බවද හෙතෙම සඳහන් කළේය.

අට වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සැසි වාරයේ 2017.07.01 දින සිට 2017.09.30 දක්වා කාලය තුළ කමිටුව නිර්දේශ කළ ආයතන 17ක් ගැන සභාවට ඉදිරිපත් කළ එම වාර්තාවේ තොරතුරු හෙළි වී තිබේ.

අදාළ වාර්තාව සභාවට ඉදිරිපත් කරමින් සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රිවරයා කීවේ මෙම වාර්තාවේ මතු කර ඇති කරුණු කෙරෙහි ආණ්ඩුවේ නායකයන්ගේ අඩු අවධානය යොමු වන්නේ නම් එය මෙම කාරක සභාවේ වෑයම දියකර හැරීමක් වනු ඇති බවය.

කාරක සභාවේ නිර්දේශ හා නියමයන් ක්‍රියාවට නැඟීමට බලය සහ හැකියාව ඇති විධායකය ඍජුව මැදිහත් විය යුතු බවද සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රිවරයා ඉදිරිපත් කළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

RSL

Related Posts