අසාද් සාලිගෙන් හිස් වූ ආණ්ඩුකාර පුටුව මුසම්මිල් අරගනී
ඊයේ(03) දිනයේ දී බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් සිටි අසාද් සාලි මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමඟම පුරප්පාඩු වූ එම ධුරය සඳහා ජනාධිපතිවරයා විසින් ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා පත් කර තිබේ. ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා වශයෙන් මේ වන විට සේවය කරමින් සිටියේය. මේ අතර, ඔහු කොළඹ නගරාධිපතිවරයා මෙන්ම මැලෙසියාවේ මහ කොමසාරිස්වරයා වශයෙන් ඒ මහතා කටයුතු කර තිබේ.
Continue Reading
අසාද් සාලී නිතී විරෝධීව පරිහරණය කළ මෙරට ලියා පදිංචි නොකළ අධි සුඛෝපභෝගී මෝටර් රථයක් සොයාගනී (වීඩියෝ)
බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි විසින් පරිහරණය කරන ලද මෙරට ලියාපදිංචි නොකළ විදේශ රටක පරිහණය කරන ලද, එම අංක තහඩු සහිත අධි සුඛෝපභෝගී බෙන්ස් මෝටර් රථයක් ලද තොරතුරකට අනුව ඊයේ(03) පොලිසිය විසින් සොයාගෙන ඇත. මෙම රථය සම්බන්ධයෙන් දුරකථනය හරහා පොලිසිය අසාද් සාලිගෙන් විමසූ අවස්ථාවකදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ, මේ ගැන රේගුව දන්නා එහි ලිපි ලේඛන රේගුවේ ඇති බවත් බවත්, තමා …
Continue Reading
චෝදනා ඔප්පු කරන්න මුස්ලිම් මැති ඇමතිවරු සිය ධුරවලින් ඉවත්ව මාසයක් කල් දෙයි (වීඩියෝ)
වත්මන් ආණ්ඩුවේ මුස්ලිම් මැති ඇමතිවරුන්ට එල්ල වී ඇති ඉස්ලාම් අන්තවාදී ත්රස්තවාදයට ආධාර අනුබල දීම ඇතුළු අපරාධ චෝදනාවන්ට එරෙහිව අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීම වෙනුවෙන් ආණ්ඩුවේ සියලුම ඇමතිවරුන්, නියෝජ්‍ය ඇමතිවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් එම ධුරවලින් තාවකාලිකව ඉල්ලා අස්වී ඒ සඳහා මසක කාලයක් ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ අදාළ බලධාරීන් වෙත ලබාදෙන ලදී. රටේ ජාතික සමඟිය ඇතුළු සංහිඳියාව ඇති කිරීම වෙනුවෙන් නම්‍යශීලී ලෙස ගත් මෙම තීන්දුව තුලින් …
Continue Reading
රතන හිමිට හිස්බුල්ලාගෙන් සහ අසාද් සාලිගෙන් පමණක් සෑහීමකට පත්වීමට සිදුවෙයි.. උපවාසය අත් හරී..
මහනුවර ශ්‍රී දළදා මාළිගාව අභියසදී උපවාසයේ නිරත වූ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මීට සුළු මොහොතකට පෙර උපවාසය අත් හරිනු ලැබීය. ඒ උන්වහන්සේ උපවාසයේ නිරත ස්ථානයට පැමිණි මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා අසාද් සාලි සහ එම් එල් ඒ එම් හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරුන්ගේ ඉල්ලා අස්වීම උන්වහන්සේට ලිඛිතව දැනුම් දීමෙන් අනතුරුවයි. කෙසේ වෙතත් රිෂාඩ් බදුයුදීන් අමාත්‍යවරයා රතන හිමියන්ගේ උපවාසය පාදක කරගනිමින් ඉල්ලා …
Continue Reading
අසාද් සාලි සහ හිස්බුල්ලා ආණ්ඩුකාර ධුරවලින් ඉල්ලා අස් වූ බව ජනාධිපති කාර්යාලය පවසයි
බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලි මහතා හා නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා එම ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයා වෙත ලබා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කල දැනුම් දීම අනුව ඔහුව විසින් මෙසේ ධුරයන්ගෙන් ඉල්ලා අස්වී ඇති බවද සඳහන්.
Continue Reading
හිස්බුල්ලා ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වෙයි! බදුර්දීන්ට සහ අසාද් සාලිටත් අස්වන ලෙස දන්වයි!
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඒ.එල්.ඒ.එම්. හිස්බුල්ලා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරංචි මාර්ග සදහන් කරයි. අස්වීමේ ලිපිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට වෙත යවා ඇතැයිද ජනාධිපතිවරයා එය පිලිගෙන ඇතැයිද එම ආරංචි මාර්ග කියයි. මේ අතර ජනාධිපතිවරයා විසින් ආණ්ඩුකාරවරුන් කැඳවා හදිසි සාකච්ඡාවක් ඊයේ(02) පවත්වා ඇති අතර ඉදිරි පැය කිහිපය ඇතුලත තවත් වෙනස්කම් ගණනාවක් සිදුවනු ඇති බව ඉහල පෙලේ ආරංචි …
Continue Reading
රතන හිමිට සිහිසුන්වන්න ආසන්නයි..! සටනට පණපොවන්න ඥානසාර හිමි වඩිති..!
මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරියේ උපවාසයක නිරතවී සිටින පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ ශරීර තත්ත්වය දුර්වල වෙමින් ඇති බව කියා සිටිති. දැනට දින දෙකක් තිස්සේ නිරාහාරව උපවාසයේ යෙදෙමින් සිටින උන් වහන්සේගේ ශරීරය මේ වනවිට විජලන තත්ත්වයකට පත්වෙමින් ඇතැයිද වෛද්‍යවරු පවසති. තවත් දින කිහිපයක් ඉදිරියට මෙයාකාරයෙන් ගත කලහොත් උන් වහන්සේගේ ජීවිතය අතිශය අවදානම්කාරී තත්ත්වයකට පත්වනු ඇතැයි ද ඔවුහු පෙන්වා දෙති. දින කිහිපයක …
Continue Reading
විපක්ෂය නිතරම ඔවුන්ගේ මිම්මෙන් අපිව මනින්න හදනඑක තමයි දුක..
“අපි සෑම අවස්ථාවකම කියන්නේ විදුලි ජනනය සිදුවිය යුත්තේ අවම මිලක් යටතේ කියලා. ඒක අපි ක්‍රියාවෙන්ම අද ඔප්පු කරලා තිබෙන්නේ. මීට ඉහත පැවති මිල ගනන් වලට වඩා අවම මිල ගනන් යටතේ හසිදි විදුලිය මිලදී ගැනිමක් සිදුකිරීම පිළිබදව අද විපක්ෂය වික්ෂිප්ත වෙලා ඉන්නේ. මේ අවස්ථාවේ මම අභියෝග කරනවා, මීටත් වඩා අවම මිලක් යටතේ විදුලිය මිලදි ගැනීමක් කරන්න පුළුවන් නම්, ඒක අපට පෙන්වන්න …
Continue Reading
රටම ගොනාට අන්දවමින් ඇමති රාජිත මහජන මුදල් බිලියන 5ක් ගසා කයි..! ජනාධිපති කොමිසමේදී සාක්ෂි සහිතව සුවපතිගේ මෙගා ඩීල් හෙළිවෙයි! (Video)
ජනාධිපතිවරයා, ආණ්ඩුව ඇතුළු රටේ මහජනතාව ගොනාට අන්දවමින් අතිවිශාල මාධ්‍ය සංදර්ශනයක් සිදුකරමින් නෙවිල් ප්‍රනාන්දුගේ හොර වෛද්‍ය උපාධිකඩයට අයත්ව තිබූ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගන්නා බවට සිදුකළ විගඩම අමුම අමු ප්‍රෝඩාවක් බව මේ වන විට හෙළිව තිබේ. එසේ හෙළිව තිබෙන්නේ ඇමති රාජිත ඇතුළු සේනාරත්න පවුලේ තිප්පලක් බවට පත්ව ඇති සෞඛ්‍ය අමාත්‍යංශයේ දූෂණ-වංචා සෙවීම සම්බන්ධයෙන් පත්කළ ජනාධිපති කොමිසමේ විමර්ශන වලදීය. ඇමති රාජිත …
Continue Reading
තව්ජීද් ජමාත් ත්‍රස්ත වෛද්‍ය ශාෆිට එරෙහි පැමිණිලි සංඛ්‍යාව 540 ඉක්මවයි
සැලසුම් සහගතව බලහත්කාරයෙන් වන්ද්‍යකරණ සැත්කම් කළ බවට චෝදනා එල්ලව සිටින තව්ජිද් ජමාත් ත්‍රස්ත කණ්ඩායමට අයත් යැයි සැක කෙරෙන සෙයිගු සියාබ්දීන් මොහොමඩ් ශාෆි වෛද්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇති පැමිණිලි සංඛ්‍යාව 540 ඉක්මවා ගොස් ඇතැයි වාර්තාවේ. අද පෙරවරුවේ සිට කුරුණෑගල ශීක්ෂණ රෝහලට පැමිණි මව්වරුන් වෛද්‍ය ශාෆිට එරෙහිව විවිධ වර්ෂවලදී සිදුවූ සිසේරියන් සැත්කම් සම්බන්ධයෙන් පැමිණිලි කළේය. ඒ අනුව අද දිනයේදී පමණක් රෝහලට ලැබුණු …
Continue Reading