හිස්බුල්ලා ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වෙයි! බදුර්දීන්ට සහ අසාද් සාලිටත් අස්වන ලෙස දන්වයි!

Spread the love

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඒ.එල්.ඒ.එම්. හිස්බුල්ලා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරංචි මාර්ග සදහන් කරයි.

අස්වීමේ ලිපිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට වෙත යවා ඇතැයිද ජනාධිපතිවරයා එය පිලිගෙන ඇතැයිද එම ආරංචි මාර්ග කියයි.

මේ අතර ජනාධිපතිවරයා විසින් ආණ්ඩුකාරවරුන් කැඳවා හදිසි සාකච්ඡාවක් ඊයේ(02) පවත්වා ඇති අතර ඉදිරි පැය කිහිපය ඇතුලත තවත් වෙනස්කම් ගණනාවක් සිදුවනු ඇති බව ඉහල පෙලේ ආරංචි මාර්ග කියා සිටී.

වාණිජ හා පාරිභෝගික කටයුතු ඇමති රිෂාඩ් බදියුදීන්ට දුරයෙන් ඉල්ලා අස්වන ලෙස දැනුම් දෙන ලෙස ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දන්වා ඇති අතර ඇමතිවරයා ඉල්ලා අස්නොවුනහොත් ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර එකගතාවයෙන් ඇමති ධුරයෙන් ඉවත් කිරීමට ව්‍යවස්ථාව අනුව හැකිය.

අසාද් සාලි, හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරුන් හා ඇමති රිෂාඩ් බදියුදීන් එම ධුරයන්ගෙන් ඉවත් කරන්නැයි පවසමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මේ වන විට දින හතරක් තිස්සේ දළදා මාලිගාවේ මාරාන්තික උපවාසයක් කරමින් සිටී.

RSL

Related Posts