
ජනාධිපතිවරයා, ආණ්ඩුව ඇතුළු රටේ මහජනතාව ගොනාට අන්දවමින් අතිවිශාල මාධ්‍ය සංදර්ශනයක් සිදුකරමින් නෙවිල් ප්‍රනාන්දුගේ හොර වෛද්‍ය උපාධිකඩයට අයත්ව තිබූ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගන්නා බවට සිදුකළ විගඩම අමුම අමු ප්‍රෝඩාවක් බව මේ වන විට හෙළිව තිබේ. එසේ හෙළිව තිබෙන්නේ ඇමති රාජිත ඇතුළු සේනාරත්න පවුලේ තිප්පලක් බවට පත්ව ඇති සෞඛ්‍ය අමාත්‍යංශයේ දූෂණ-වංචා සෙවීම සම්බන්ධයෙන් පත්කළ ජනාධිපති කොමිසමේ විමර්ශන වලදීය.
ඇමති රාජිත විසින් මිලියන ගණනක් වැය කරමින් නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගන්නා බවට සිදුකළ මාධ්‍ය සංදර්ශනය අමුම අමු ප්‍රෝඩාවක් බවත්, නෙවිල් ප්‍රනාන්දු නොහොත් සයිටම් මුදලාලිට අයත් මෙම රෝහල තවමත් ඔහුටම අයත් පෞද්ගලික රෝහලක් බවත්, රාජිත සිදුකර ඇත්තේ මහජන මුදල් හොරා කමින් නෙවිල් ප්‍රනාන්දු රෝහලේ බිලියන2.5ක ණය කන්ද මහජන මුදලින් පොලිය සමඟ බිලියන 5 ක් ලෙස ගෙවා දැමීමටත් කිසිදු වටිනාකමක් නොමැති මෙහි පරිපාලන සහ නඩත්තු වියදම්ද රටේ මහජනයාගේ බදු මුදලින් ගෙවා දැමීමේ අති දූෂිත වංචාකාරී ගිවිසුමක් අත්සන් කිරීම බවත් මෙම ජනාධිපති කොමිසමේදී සෞඛ්‍යය ලේකම්වරිය ලබාදී ඇති සාක්ෂිවලදී හෙළිදරව් වී ඇත.
රුපියල් බිලියන 5 ඉක්මවූ මෙම අතිදැවැන්ත මහජන මුදල් කොල්ලයෙන් සයිටම් මුදලාලි නොහොත් නෙවිල් ප්‍රනාන්දුගෙන් කුප්‍රකට දත් දොස්තර රාජිත උපයන ලද අති දැවැන්ත කොමිස් කුට්ටිය සහ මාසික අල්ලස් ප්‍රමාණය මෙතෙක් අනාවරණය වී නොමැති අතර මේ සම්බන්ධයෙන් ඇමති රාජිත වහාම අත් අඩංගුවට ගෙන විමර්ශන ක්‍රියාත්මක විය යුතුව ඇත.

නෙවිල් ප්‍රනාන්දු රෝහල තවමත් පෞද්ගලික රෝහලක් ලෙස පවතින බව ද එසේ තිබියදී එහි වියදම් රජය මගින් සිදුකරන බව ද සෞඛ්‍ය ලේකම්වරිය ජනාධිපති කොමිෂන් සභාව හමුවේ පිළිගෙන ඇත. මෙයින් ඉතා සරලවම පැහැදිලිවන්නේ ඇමති දත් දොස්තර ඇමති රාජිත කෙතරම් නීච සහ තුච්ඡ ආකාරයට රටේ පාලකයින් ඇතුළු ජනතාව ගොනාට අන්දවමින් මහජන දහස් ගණනින්, ලක්ෂ ගණනින්, මිලියන ගණනින්, කෝටි ගණනින් නොව බිලියන ගණනින් කොල්ල කා ඒවායින් සුර සැප විදිමින් රට වටේ බයිලා ගසමින් සිටින අන්දමන නොවේද?