විපක්ෂය නිතරම ඔවුන්ගේ මිම්මෙන් අපිව මනින්න හදනඑක තමයි දුක..

Spread the love

“අපි සෑම අවස්ථාවකම කියන්නේ විදුලි ජනනය සිදුවිය යුත්තේ අවම මිලක් යටතේ කියලා. ඒක අපි ක්‍රියාවෙන්ම අද ඔප්පු කරලා තිබෙන්නේ. මීට ඉහත පැවති මිල ගනන් වලට වඩා අවම මිල ගනන් යටතේ හසිදි විදුලිය මිලදී ගැනිමක් සිදුකිරීම පිළිබදව අද විපක්ෂය වික්ෂිප්ත වෙලා ඉන්නේ. මේ අවස්ථාවේ මම අභියෝග කරනවා, මීටත් වඩා අවම මිලක් යටතේ විදුලිය මිලදි ගැනීමක් කරන්න පුළුවන් නම්, ඒක අපට පෙන්වන්න කියලා. අපි පාරිභෝගිකයා පමණක් නෙමෙයි විදුලිබල මණ්ඩලයත් ආරක්ෂා වනපරිදි පූර්ණ විනිවිද භාවයකින් තමයි කටයුතු කරන්නේ. විදුලි කප්පාදුවක් කිසිසේත්ම ඇති නොවන පරිදි කටයුතු කිරිම තමයි අපේ අරමුණ. ජනතාවට අඛණ්ඩ මෙන්ම ගුණාත්මක විදුලි සේවයක් සැපයීම තමයි අපේ ඉදිරි ගමන. අපි මොන දේ කෙතරම් හොදින් කලත් විපක්ෂය නිතරම උත්සාහ කරන්නේ, එයාලගෙ මිම්මෙන් අපිව මනින්න. අපි නොකරපු දේවල් කළා කියලා, ඔවුන්ගේ මිම්මෙන් අපිව මනින්න හදන එක තමයි දුක” යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

අමාත්‍යවරයා මෙම අදහස් පලකළේ පසුගිය දින (30) Jet wings Holdings ආයතනයේ පැවති උත්සව අවස්ථාවකට සහභාගි වෙමිනි. මෙහිදී විදුලි සම්ප්‍රේෂණ මාර්ගයක් ඉදිකිරීම සම්බන්ධයෙන් චීන සමාගමක් වන Gingdo Holdings Power Equipment Ltd සමග ලංකා විදුලිබල මණ්ඩලය අතර ගිවිසුම් අත්සන් කෙරිනි. ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර මත මීටර් 300 ක් පමණ දිගින් යුතුව ඉදිකිරීමට නියමිත මෙම සම්ප්‍රේෂණ මාර්ගය සදහා ඇමරිකානු ඩෝලර් මිලියන 115 ක මුදලක් වැයවෙතැයි ඇස්තමේන්තු කර තිබේ. මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලබන්නේ Theresa Holdings Pvt Ltd විසිනි. මෙම අවස්ථාවට විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ සහ ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති රකිත ජයවර්ධන යන මහත්වරුන්ද සහභාගි වූහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා ..,

“ශ්‍රී ලංකානු සමාගමක්, ජාත්‍යන්තර සමාගමක් සමග එකතු වෙලා ලංකාවේ විදුලි සම්ප්‍රේෂණ සහ බෙදාහාරීමේ ජාලය නවීකරණය කිරීම පිළිබදව අපි සතුටට පත්වෙනවා. විදුලි පාරිභෝගිකයාට මීට වඩා අවම මිලකට, වඩාත් හොද විදුලි සේවාවක් ලබාදම වෙනුවෙන් ශ්‍රී ලංකානු විදුලිබල ක්ෂේත්‍රය සමග සම්බන්ධවෙලා ඉදිරියටත් කටයුතු කරන ලෙස එම සමාගම් වලට මම ආරාධනා කරනවා. විදුලිබල මණ්ඩලයත් සමග අත්වැල් බැදගෙන අපේ අහිංසක පාරිභෝගිකයාට සේවයක් කරන්න ඉදිරිපත්වීම සතුටට කරුණක්. ශ්‍රී ලාංකික තාක්ෂණික ඥාණය, ජාත්‍යන්තරයත් සමග සම තත්ත්වයේ ගමන් කිරීම ඉතාමත් වැදගත් කරුණක්. අද අපිට මෙම අවස්ථාවේ එය සාධක සහිතව ඔප්පු කිරීමට හැකිවෙලා තිබෙනවා.

ආසියානු සංවර්ධන බැංකුවත් සමග ලංකා විදුලිබල මණ්ඩලය කිලෝමීටර් 300ක බෙදාහැරීමේ ජාලයක් ඇති කිරීමට වැඩකටයුතු සිදුකළා. සාමාන්‍යයෙන් මේ කාර්යය සදහා වසර 2 ක් පමණ ගතවෙන නමුත් ඔවුන්ගේ තාක්ෂණික ඥාණය මත වසර 1 ½ කින් නිම කිරීමට එකගවුණා. මම ඔවුන්ට අභියෝගයක් දුන්නා මේ කාර්යය වසරකින් නිම කරන්න කියලා. ඒක තමයි අපේ සාර්ථකත්වය” යැයි පැවසීය.

RSL

Related Posts