
මහනුවර ශ්‍රී දළදා මාළිගාව අභියසදී උපවාසයේ නිරත වූ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මීට සුළු මොහොතකට පෙර උපවාසය අත් හරිනු ලැබීය.
ඒ උන්වහන්සේ උපවාසයේ නිරත ස්ථානයට පැමිණි මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා අසාද් සාලි සහ එම් එල් ඒ එම් හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරුන්ගේ ඉල්ලා අස්වීම උන්වහන්සේට ලිඛිතව දැනුම් දීමෙන් අනතුරුවයි.
කෙසේ වෙතත් රිෂාඩ් බදුයුදීන් අමාත්‍යවරයා රතන හිමියන්ගේ උපවාසය පාදක කරගනිමින් ඉල්ලා අස්වීමට එකඟ වී නොමැත. එම නිසා රතන හිමියන් අසාද් සාලිගෙන් සහ හිස්බුල් ලාගෙන් පමණක් සෑහීමකට පත්ව උපවාසය අත් හැරීමට සිදුව තිබේ.
මේ වන විට ආණ්ඩුකාරවරුන් දෙදෙනකු වන හිස්බුල්ලා සහ අසාද් සාලිගේ ඉල්ලා අස්වීමට සහය පළකරමින් සියලුම මුස්ලිම් අමාත්‍යවරුන් රජයේ අමාත්‍යධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවට වාර්තාවේ. එහෙත් එය රතන හිමියන්ගේ ජයග්‍රහණයක් නොවන අතර මෙය මුස්ලිම් ජාතිකයින්ගේ එකමුතුව සහ ශක්තිය පෙන්වන දැඩි තීරණාත්මක මෙන්ම වැදගත් දේශපාලන තීන්දුවක් වනු ඇත. මෙයින් යළි ඔවුන් මුස්ලිම් සමාජයේ නායකයින් සහ අන්තවාදයට උඩගෙඩි දෙන සංවිධානාත්මක කණ්ඩායමක් වීමේ අවධානයක්ද ඇත.