ගෝඨාභය නඩුවට වෙට්ටු දමා කට්ටි පනින්න ගිය තැත නීතිපතිට හසුවෙයි!

වීරකැටිය, මැදමුලන, ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ ස්මාරකය සහ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා ඉඩම් ගොඩකිරීම හා සංවර්ධනය කිරීමට සංස්ථාවට අයත් මුදල් යොදාගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයෙහි පවරා ඇති නඩුව විභාග කිරීමට ‍එම අධිකරණයට බලයක් නැති බවට ඉදිරිපත් කළ මූලික විරෝධතාවය ප්‍රතික්‍ෂේප කිරීමට එරෙහිව ඔහු ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම ඉවත දමන ලෙස නීතිපතිවරයා ඊයේ (06) අභියාචනාධිකරණයෙන් ඉල්ලා …

Continue Reading

මංගල රටේ වර්ගවාදී ගිනි අවුලුවමින් මාධ්‍ය වාරණයකට සැරසෙයි..!

ආගමික නායකයින්ට අපහාස වන අයුරින් අමාත්‍ය මංගල සමරවීර මහතා කළ ප්‍රකාශ පිළිකුල් සහගත බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පවසයි. ඊයේ(06) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. අමාත්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා මනසින් විකෘති පුද්ගලයෙක් ලෙස දොඩවන ආකාරය පෙනි යන බවත්, මෙවැනි ප්‍රකාශ සිදුකරමින් මංගල සමරවීර මහතා විසින් රට තුළ යළි ගිනි …

Continue Reading

වෛද්‍ය ෆාෂි ගැන පැමිණිලි කළ මවුවරු පරීක්ෂා කිරීමට විශේෂඥ කමිටුවක්

වෛද්‍ය ෂාෆි පිළිබඳව මේ වන විට කාන්තාවන් 421ක්, නාරි වෛද්‍යවරු 6ක් ඇතුළුව වෛද්‍යවරු 26ක්, හෙද හෙදියන් ‍69ක් සහ තවත් රෝහල් සේවකයන් 18 දෙනෙකුගේ පිරිසකගෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන ඇත. සිසේරියන් සැත්කම් සිදුකළ මව්වරු පරීක්ෂා කිරීම සඳහා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂඥ කමිටුවක් ද පත් කර ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකරී රුවන් …

Continue Reading

චෝදනා 25 ක් යටතේ අද රිෂාඞ්ට එරෙහිව පැමිණිල්ලක්

මුස්ලිම් අන්තවාදයට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා විසිපහක් යටතේ හිටපු ඇමැති රිෂාඞ් බදුර්දීන් මහතාට එරෙහිව අද (07) පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් භාරදෙන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. බී. දිසානායක මහතා පැවසීය. බදුර්දීන් ඇමැතිවරයා විසින් මුස්ලිම් අන්තවාදීන් සමග තිබූ ගනුදෙනු පිළිබඳව චෝදනා දහයක් ද, මිනීමැරුම් දෙකක්, මන්නාරම් ප‍්‍රදේශයේ සහ සතොස ආයතනයේ සිදු වූ මහා පරිමාණ වංචා හොරකම් සම්බන්ධයෙන් …

Continue Reading

ජාතික ආරක්ෂාවට සහ ජාතිවාදයට මුවා වී මාධ්‍ය මර්දනයට ආණ්ඩුවෙන් අලුත් මගක්..!

ඇතැම් පාර්ශවයන් විසින් සැලසුම් සහගත සිදුකරන මාධ්‍ය අවභාවිතාවට එරෙහිව රජය දැනට පවතින නීතිය යටතේවත් නිසි ක්‍රියාමාර්ග නොගෙන රාජ්‍ය ආරක්‍ෂාවට, ජාතික ආගමික සමගියට බාධා වන වෛරී ප‍්‍රකාශ භාවිතය යොදාගනිමින් ආණ්ඩුව වක්‍රකාර මාධ්‍ය මර්දනයක් සිදුකිරීමට සැරසෙන්නේ දැයි සැක මතුවෙමින් තිබේ. මේ අනුව නිවැරදි නොවන ප‍්‍රවෘත්ති ප‍්‍රචාරය කිරීමට එරෙහිව දඬුවම් පැනවීමට රජය තීරණය කර ඇත. මේ සදහා නීති පැනවීමට දණ්ඩ නීති සංග‍්‍රහය හා …

Continue Reading

තව්ජීද් ජමාත් ත්‍රස්ත වෛද්‍ය ශාෆිට එරෙහි පැමිණිලි සංඛ්‍යාව 765ක් දක්වා ඉහළට..

සැලසුම් සහගතව බලහත්කාරයෙන් වන්ද්‍යකරණ සැත්කම් කළ බවට චෝදනා එල්ලව සිටින තව්ජිද් ජමාත් ත්‍රස්ත කණ්ඩායමට අයත් යැයි සැක කෙරෙන සෙයිගු සියාබ්දීන් මොහොමඩ් ශාෆි නම් වෛද්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇති පැමිණිලි සංඛ්‍යාව 765ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තාවේ. ඔහු සිදු කළ සිසේරියන් සැත්කම්වලින් පසු තමන් වඳ භාවයට සහ නොයෙකුත් සංකූලතාවලට ලක්වූ බව කියමින් එම වෛද්‍යවරයාට එරෙහිව ඊයේ (05) වනවිට කුරුණෑගල සහ දඹුල්ල …

Continue Reading

රතන හිමිගේ උපවාසයට මල්වතු-අස්ගිරි මහා නායක හිමිවරුන්ගේ දැඩි විරෝධය

විපක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන උවමනාව මත ක්‍රියාත්මක කරන ලද පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් මහනුවර දළදා මාලිගාවේ මහ මළුවේ මාරාන්තික උපවාසයක් සිදුකිරීම සම්බන්ධයෙන් මල්වතු-අස්ගිරි පාර්ශවයන්හි දැඩි විරෝධය එල්ල වී තිබේ. තමන් වහන්සේ උපවාසයක් කරන්නේ යැයි මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක රතන හිමියන් පවසා ඇතත් එසේ කරන්නේ කුමන ස්ථානයකදැයි පැහැදිලි නොකර දළදා මාලිගාවේ මහ මළුවේ රතන හිමියන්ගේ උපවාසය ආරම්භ කර ඇති …

Continue Reading

බලශක්ති සංරක්ෂණය සහ කාර්යක්ෂම භාවිතය පිළිබදව ජාතික වැඩසටහන හදුන්වාදෙයි

ඉදිරියේදී ඇතිවිය හැකි බලශක්ති අර්බුදයට තිරසාර පිළියම් සෙවීමට මේ වනවිට රජයේ අවධානය යොමුවී තිබේ. ඒ අනුව රාජ්‍ය ආයතනයන්හි බලශක්ති සංරක්ෂණය සහ කාර්යක්ෂම භාවිතය වෙනුවෙන් නව චක්‍ර ලේඛයක් නිකුත් කර, බලශක්ති සංරක්ෂණය සහ කාර්යක්ෂම භාවිතය පිළිබදව ජාතික වැඩසටහන හදුන්වාදීම තුළින් රාජ්‍ය සේවයකයන් තුළ ඒ පිළිබදව පෙළඹවීමක් මෙන්ම යොමුකරවීමක් සිදු කිරීමට රජය විසින් පියවර ගෙන තිබේ. ජනාධිපති කාර්යාලය සහ ශ්‍රී ලංකා සුනිතය …

Continue Reading

මාව හිරේ නොදැම්ම නම් පාස්කු ප්‍රහාරය වලක්වන්න තිබුණා (වීඩියෝ)

සහරාන් හෂීම් සම්බන්ධයෙන් තමා සතුව තිබූ රහසිගත උපායමාර්ගික සැලැස්ම ක්‍රියාත්මක කිරීමට හැකිවූයේ නම් , ප්‍රහාර අවම කරගැනීමට අනිවාර්යෙන්ම හැකියාව තිබූ බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා පවසයි. පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු තේරිම්කාරක සභාවට සාක්ෂි ලබාදෙමින් ඔහු ඊයේ(04) පැවසුවේ තමා හදිසියේ අත්අඩංගුවට ගැනීම නිසා , අන්තවාදී කල්ලිවලට එරෙහිව කළ විමර්ශනවල අඩුපාඩු සිදුවූ බවයි.  පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්ත …

Continue Reading

අසාද්ට, රිෂාඞ්ට සහ හිස්බුල්ලාට එරෙහිව පැමිණිලි කරන්න.. පොලිසියෙන් විශේෂ කමිටුවක්

හිටපු ආණ්ඩුකාරවරුන් වන අසාද් සාලි, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා සහ හිටපු ඇමැති රිෂාඞ් බදුර්දීන්ට එරෙහිව චෝදනා තිබේ නම් ඕනෑම පුද්ගලයකුට පොලිස් මූලස්ථානයට පැමිණ පැමිණිලි ඉදිරිපත් කිරීම සදහා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් තිදෙනකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබේ. මෙම පැමිණිලි ඉදිරිපත් කිරීම අද (05) සිට ලබන 12 වනදා දක්වා පෙරවරු 8.00 සිට පස්වරු 4.00 දක්වා සිදු කළ හැකි බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී …

Continue Reading