තව්ජීද් ජමාත් ත්‍රස්ත වෛද්‍ය ශාෆිට එරෙහි පැමිණිලි සංඛ්‍යාව 765ක් දක්වා ඉහළට..

Spread the love

සැලසුම් සහගතව බලහත්කාරයෙන් වන්ද්‍යකරණ සැත්කම් කළ බවට චෝදනා එල්ලව සිටින තව්ජිද් ජමාත් ත්‍රස්ත කණ්ඩායමට අයත් යැයි සැක කෙරෙන සෙයිගු සියාබ්දීන් මොහොමඩ් ශාෆි නම් වෛද්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇති පැමිණිලි සංඛ්‍යාව 765ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තාවේ. ඔහු සිදු කළ සිසේරියන් සැත්කම්වලින් පසු තමන් වඳ භාවයට සහ නොයෙකුත් සංකූලතාවලට ලක්වූ බව කියමින් එම වෛද්‍යවරයාට එරෙහිව ඊයේ (05) වනවිට කුරුණෑගල සහ දඹුල්ල රෝහල්වලට සිංහල මවුවරුන් 765 දෙනකු විසින් පැමිණිලි කර තිබිණි.

කුරුණෑගල රෝහල් ආරංචි මාර්ග කියා සිටියේ ඊයේ රජයේ නිවාඩු දිනයක් වූ බැවින් ලැබුණු පැමිණිලි ප‍්‍රමාණය අඩු මට්ටමක පැවති බවයි. ඊයේ කුරුණෑගල රෝහල වෙත පැමිණිලි 20 ක් ලැබී තිබිණි.

මේ අතර වෛද්‍ය ෂාෆි විසින් සිදු කළ සිසේරියන් සැත්කම්වලින් පසු වඳ භාවයට සහ විවිධ රෝගාබාධවලට ලක්ව තවත් සිංහල මවුවරුන් විශාල පිරිසක් අද දිනයේ ද කුරුණෑගල රෝහල වෙත පැමිණිලි ඉදිරිපත් කිරීමට පැමිණෙන බව රෝහලට දැනුම් දී ඇත.

මේ අතර වෛද්‍ය ෂාෆි විසින් සිසේරියන් සැත්කම් සිදුකළ සියලූම මවුවරුන්ගේ වාර්තා විමර්ශනය කිරීමේ කටයුතු කුරුණෑගල රෝහල මගින් ආරම්භ කරන ලදී.

Loading...

RSL

Related Posts