මාව හිරේ නොදැම්ම නම් පාස්කු ප්‍රහාරය වලක්වන්න තිබුණා (වීඩියෝ)

Spread the love

සහරාන් හෂීම් සම්බන්ධයෙන් තමා සතුව තිබූ රහසිගත උපායමාර්ගික සැලැස්ම ක්‍රියාත්මක කිරීමට හැකිවූයේ නම් , ප්‍රහාර අවම කරගැනීමට අනිවාර්යෙන්ම හැකියාව තිබූ බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා පවසයි.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු තේරිම්කාරක සභාවට සාක්ෂි ලබාදෙමින් ඔහු ඊයේ(04) පැවසුවේ තමා හදිසියේ අත්අඩංගුවට ගැනීම නිසා , අන්තවාදී කල්ලිවලට එරෙහිව කළ විමර්ශනවල අඩුපාඩු සිදුවූ බවයි. 

පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබලා පාර්ලිමේන්තුවට කරුණු වාර්තාකිරීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව දෙවැනි දිනටත් අද රැස්වු අතර එහි කටයුතු ආරම්භයේදී අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා තේරීම් කාරක සභාව සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව පළකරන අදහස්වලට ප්‍රතිචාර දැක්විය.

තේරීම් කාරක සභාව ඉදිරියේ ප්‍රථමයෙන් සාක්ෂි දුන්නේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතායි. 

මෙහිදී රවී කරුණනායක, සරත් ෆොන්සේකා හා තවත් කමිටු සමාජිකයින් කීප දෙනෙක් ඔහුගෙන් සහරාන් පිළිබඳව ප්‍රශ්න කර සිටියේය.

එහිදී නාලක සිල්වා මහතා පවසා සිටියේ, සහරාන්ගේ වෙබ් අඩවි හා ෆේස් බුක් තුළින් ප්‍රචණ්ඩකාරී දෙයක් සිදු කරමින් සිටි බවයි.

ඒ පිළිබඳ තමා පොලිස්පතිවරයා නිරන්තරයෙන් දැනුවත් කල බව ද පැවසු නාලක සිල්වා මහතා, සහරාන්ට දේශපාලන සහයෝගයක් අනාවරණය වී තිබ්බා යැයි පැවසිය නොහැකි බවත් එය අදාළ නොවන බවත් පැවසීය.

කෙසේ වෙතත් 2017 සිට මේ පිළිබඳ පොලිස්පතිවරයා වෙත වාර්තා කල බවත්, එය තමාට විශ්වාවස බවත් පැවසු නාලක සිල්වා මහතා, තමා අත්අඩංගුවට ගැනීමත් සමඟ සහරාන් පිළිබඳ සිදු කරනු ලැබූ පරීක්ෂණ නැවතුනේ නැතත් නිසි ලෙස ඉදිරියට ගියේ නැතැයි ද පැවසීය.

එල්.ටී.ටී.ඊ ත්‍රස්ථයින් ගැන නිලධාරීන් දැනුවත්ව සිටි නමුත් සහරාන් වැනි අයෙක් තමා හොඳින් අධ්‍යයනය කර සිටි බව ද පැවසීය.

ඔහුගේ ෆේස් බුක් ගිණුම තුළින් අයි.එස් ත්‍රස්ථයින්ට අනුබල දුන් බව ද නාලක සිල්වා මහතා මෙහිදී පැවසු අතර, තමා සිටියේ නම් ප්‍රහාරයන් අවම කර ගැනීමට හැකියාව පවතිනු ඇති බව ද සඳහන් කළේය.

RSL

Related Posts