
හිටපු ආණ්ඩුකාරවරුන් වන අසාද් සාලි, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා සහ හිටපු ඇමැති රිෂාඞ් බදුර්දීන්ට එරෙහිව චෝදනා තිබේ නම් ඕනෑම පුද්ගලයකුට පොලිස් මූලස්ථානයට පැමිණ පැමිණිලි ඉදිරිපත් කිරීම සදහා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් තිදෙනකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබේ.
මෙම පැමිණිලි ඉදිරිපත් කිරීම අද (05) සිට ලබන 12 වනදා දක්වා පෙරවරු 8.00 සිට පස්වරු 4.00 දක්වා සිදු කළ හැකි බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
සාක්‍ෂි තිබේ නම් ඒවා ද සහිතව ලිඛිතව ඉදිරිපත් කරනු ලබන එවන් පැමිණිලි පිළිබඳ අදාළ නිලධාරීන් මූලිකව පරීක්‍ෂා කිරීමෙන් පසු ඒවා වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන බවද රුවන් ගුණසේකර මහතා පැවසීය.
අදාළ කමිටුවට පොලිස් අධිකාරීවරුන් දෙදෙනකු සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු පත් කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන ඇත.