ශ්‍රී ලංකාව ලෝක කුසලානයේ පළමු තරඟය ජයගනී..

Spread the love

2019 ලෝක ක්‍රිකට් කුසලානයේ පළමු තරඟය අද(04) ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් විය. ඒ ඇෆ්ගනිස්ථානය ලකුණු 34 කින් පරාජයට පත් කරමිනි.

තරඟයට වැස්සෙන් බාධා වූ අතර පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම 36.5 කදී ලකුණු 201 කට දැවී ගිය අතර ඒ අනුව ඇෆ්ගනිස්ථානයට පන්දුවාර 41 කදී ලකුණු 187 ක ඉලක්කයක් හඹා යෑමට ලැබුණු. එහෙත් එම කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින් පන්දුවා 32.4ක් තුල ලකුණු 152කට දවාලන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් නුවන් ප්‍රදීප් ලකුණු 31 කට කඩුලු 4 ක් සහ ලසිත් මාලිංග ලකුණු 39 කට කඩුලු 3ක් දවාලන්නට සමත් වූහ.

Loading...

RSL

Related Posts