මංගල රටේ වර්ගවාදී ගිනි අවුලුවමින් මාධ්‍ය වාරණයකට සැරසෙයි..!

Spread the love

ආගමික නායකයින්ට අපහාස වන අයුරින් අමාත්‍ය මංගල සමරවීර මහතා කළ ප්‍රකාශ පිළිකුල් සහගත බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පවසයි.

ඊයේ(06) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

අමාත්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා මනසින් විකෘති පුද්ගලයෙක් ලෙස දොඩවන ආකාරය පෙනි යන බවත්, මෙවැනි ප්‍රකාශ සිදුකරමින් මංගල සමරවීර මහතා විසින් රට තුළ යළි ගිනි අවුලන්න උත්සාහ කිරීම පිළිබඳ ඔවුන් දැඩි විරෝධයදක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.

එසේම ඇමති මංගල මෙලෙස විවිධ ද්වේෂ සහගත, අන්තවාදී ප්‍රකාශ ඔස්සේ බෞද්ධයින් සහ කතෝලික ජනතාව කුපිත කරමින් අනෙක් පසින් මාධ්‍ය වාරණයට සහ මර්දනයට අදාළව පනත් ගෙන එන බව ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසීය.

ආශ්‍රිත පුවත්: ජාතික ආරක්ෂාවට සහ ජාතිවාදයට මුවා වී මාධ්‍ය මර්දනයට ආණ්ඩුවෙන් අලුත් මගක්..!

RSL

Related Posts