FCIDයට නව පණක්

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය දැනට සිදුකරන කාර්යභාරය වඩාත් ශක්තිමත් හා පුළුල් බලතල සහිතව ක්‍රියාත්මක කිරීම සඳහා වෙනම ආයතනයක් ස්ථාපිත කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති සම කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වසා දැමීමට තීරණය කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ඇතැම් පිරිස් කරන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක් නැතැයි …

Continue Reading

ලොක්කන්ගේ දැස් වසා යහපාලනය වළ දමන කුප්‍රකට FL & SL සමාගම හෙළිවෙයි (විශේෂ)

වත්මන් යහපාලන ආණ්ඩුවත් රටත් අගාධයට ඇඳ දැමීමට ඉතා සුක්ෂමව සහ සැලසුම් සහගතව කටයුතු කරමින් සිටි කුමන්ත්‍රණයක තොරතුරු මේ වන විට හෙළිදරව් වෙමින් පවතී. විජාතිකයෙකු වන මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් (මාමා – Father in Law) සහ ඔහුගේ කුප්‍රකට බෑනා (Son in Law) වන අර්ජුන් ඇලෝසියස් නැමැත්තා වත්මන් රජයේ ප්‍රධානීන් දෙදෙනා ඇතුළු යහපාලන ආණ්ඩුවත්, මෙරට ආර්ථිකයත් මුළුමනින්ම විනාශ කර දමා පිටමං වීමට …

Continue Reading

දේශපාලනයේ දැවැන්තයින් දෙදෙනකු එකම දිනයක නික්ම යති

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා අද (15) අලුයම අභාවප්‍රාප්ත විය. ඒ වනවිට එතුමන් ජීවත්ව සිටියේ රාජගිරිය පිහිටි ඔහුගේ සහෝදරයෙකුගේ නිවසේය. අභාවප්‍රාප්ත ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන (18) සෙනසුරාදා බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිත බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. මේ අතර බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාරවරයෙකු සහ හිටපු ඇමතිවරයෙකු වූ අලෙවි මවුලානා …

Continue Reading

රේගුවෙන් ඇල්ලූ කොකේන් අස්සෙන් ‘සිංහලේ’ මතුවෙයි! (විශේෂ)

මුදල් අමාත්‍යාංශ නීති විරෝධී මත්ද්‍රව්‍ය වැටලීමේ විශේෂ ඒකකය විසින් ඊයේ (14) සීනි කන්ටේනරයක සඟවා බ්‍රසීලයේ සිට ආනයනය කරන ලදුව සොයා ගත් රුපියල් කෝටි 300 කට අධික වටිනාකමෙන් යුත් කොකේන් තොගයේ තිබූ අබිරහස් සිංහ සළකුණ මෑත කාලයේ කරළියට පැමිණි ‘සිංහලේ’ සංවිධානය භාවිතා කරන මුහුණත් සිංහ ලාංජනය හා සමාන බවක් පෙනී යන බව වාර්තාවේ. බ්‍රසීලයේ සිට ගෙනා මෙම කොකේන් තොගයේ සෑම කොටසකම …

Continue Reading

නැවත බලයට ඒමේ අවශ්‍යතාවක් මට නෑ; රට හදන්න අවශ්‍ය ක්‍රියාමාර්ග නොපැකිලව ගන්නවා- ජනපති

නැවත බලයට ඒමේ අවශ්‍යතාවක් තමන්ට නොමැති බවත්, එම නිසා රටේත් ජනතාවගේත් සංවර්ධනය සහ අභිවෘද්ධිය වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග තමන් නොබියව නොපැකිලව ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජාත්‍යන්තර මිත්‍රත්වය ශක්‌තිමත් කරගෙන ඒ හොඳ හිත තුළ මේ රටේ ඉදිරි අනාගතය සාර්ථක කිරීම සඳහා තමන් සැම විටම ක්‍රියා කරන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෙරේදා (13) කොළඹ බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලාවේදී පැවසීය. …

Continue Reading

කු.පා.ම. මහින්ද හැරදා තවත් 08 ක් ආණ්ඩුවට!

කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂගේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අට දෙනකු මහින්ද හැරදා ජාතික රජයට එක්වීමට සාකච්ඡා පවත්වමින් සිටී. ෙම් අට දෙනා අතරින් හත් දෙනකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අතර අනෙක් මන්ත්‍රීවරයා වමේ දේශපාලන පක්ෂයක් නියෝජනය කරන බව වාර්තා වේ. එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් ඇමැතිවරයකු සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ‍ය නියෝජනය කරන කැබිනට් ඇමැතිවරයකුද මෙම සාකච්ජාවට …

Continue Reading

ETCA ගිවිසුමෙන් ඡන්ද බලය හැර අනෙකුත් සියලුම අයිතිවාසිකම් ඉන්දියානුවන්ට!

වත්මන් ජාතික ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂ පාර්ශවය විසින් විනිවිදභාවයකින් තොරව අත්සන් කිරීමට සැරසෙන ඉන්දු-ලංකා ගිවිසුමේ දෙවන පරිච්ජේදය වන එට්කා ගිවිසුම හරහා ඡන්ද බලය හැර අනෙකුත් සියලුම අයිතිවාසිකම් ඉන්දියානුවන්ට හිමිවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ඊයේ (13) විද්වත් වෘත්තිකයන්ගේ මධ්‍යස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී අනාවරණය කර සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා මෙසේද …

Continue Reading

වාහන අයිතිකරුවන් ප්‍රවේසමෙන්!

විවෘත ලේඛන (ඕපන් පේපර්ස්) ළඟ තබාගෙන රථවාහන ධාවනය කරන්නන් ඒ මොහොතේම අත්අඩංගුවට ගන්නා බව නියෝජ්‍ය පොලිස්පති (රථවාහන) අමරසිරි සේනාරත්න මහතා පවසයි. වාහනයේ අයිතිකරුගේ නමට රක්ෂණ සහතිකය තිබිය යුතු වෙයි. බොහෝ වාහනවල ආදායම් බලපත්‍රය තිබෙන අයගේ නමට රක්ෂණ සහතිකය නොමැති බැවින් අනතුරුවලදී නොයෙක් ගැටලුවලට මුහුණපෑමට සිදුවෙනවා. කිසියම් අපරාධයක්. කොල්ලයක් සිදුවූ විට හසුවන්නේ වාහනයේ ලියාපදිංචි අයිතිකරුයි. කවුරු වාහනය පැදවූවක් වාහනයේ අයිතිකරු අනිවාර්යයෙන්ම …

Continue Reading

ජනපති සහ අගමැති, මහින්ද ඇතුළු කල්ලියට වෙනස හොඳින් පෙන්වයි

රජය විසින් මිලදී ගැනිමට නියමිත නිල වාහන මේ වසර තුළදී ලබා නොගැනීමට රජයේ මැති ඇමැතිවරුන් තීරණය කර තිබේ. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කළ දැනුම් දීමකට ප්‍රතිචාර වශයෙන් එක්සත් ජාතික පෙරමුණේ මැති ඇමතිවරුන් එම තීරණයට එළැඹ තිබේ. පසුගියදා ඇති වු ගංවතුර සහ සාලාව හමුදා කඳවුරේ පිපිරීමෙන් පසු විපතට පත් ජනතාවගේ නිවාස සහ අනෙකුත් පහසුකම් යළි සාදා නිම වන තෙක් මැති ඇමතිවරුන්ට …

Continue Reading

කොළඹ මහා නගර සභාවට රුපියල් කෝටි 800ක ඉඩමක්!

කොළඹ 07 බාන්ස්‌ පෙදෙසේ රුපියල් කෝටි 800 ක්‌ පමණ වටිනා ඉඩමක්‌ වරිපනම් බදු නොගෙවීම නිසා පෙරේදා (11 වැනිදා) කොළඹ මහ නගර සභාව විසින් පවරාගෙන ඇත. මෙම ඉඩම ඉකුත් රජයේ සිටි ප්‍රබලයකුගේ මැදිහත්වීම මත ව්‍යාපාරිකයකු විසින් බලහත්කාරයෙන් අල්ලාගෙන දැඩි මුරකාවල් යොදවා ආරක්‍ෂාව සලසා තිබිණි. මෙම ඉඩම මීට පෙර නගර සභාව විසින් පවරා ගැනීමට කටයුතු කරමින් සිටියදී ඉඩමේ පදිංචි පවුල් කිහිපයක්‌ ඉවත් …

Continue Reading